Tuesday, March 13, 2012

නිවැරදිව බැලුම්ගල (WATCH LIST) පාවිච්චි කිරීම.

                 තෙරුවන් සරණයි.



අලුතින් මොනවත් දෙන්න බැරිවුනු නිසා අවසාන මාතෘකා 2න්එකක් වන නිවැරදිව බැලුම්ගල පාවිච්චි කිරීම(WATCH LIST) ගැන ලියන්න පටන් ගත්තෙමි.

මම හිතන්නේ දැන් කට්ටියට භාණ්ඩයක් මිලදීගෙන කවද්ද එන්නේ කියලා මග බලාගෙන ඇති නේද? එයි එයි බයවෙන්න එපා.

බලමු එහෙනම් අද වැඩේ
ගොඩක් අය සිංහලෙන් ඊබේ එකට සම්බන්ධවෙලා තිබ්බා එහෙම සම්බන්ධ නොවුනු අයත් සම්බන්ධ වෙන්න.

බැරි දෙයක් මගෙන් අහගන්න.-0716-505000

එදා කිව්ව ඊබේ එකෙන් භාණ්ඩයක් මිලදී ගැනීම ඒකට යම් දෙයක් මම එකතු කරන්න ඕනි අපි මොකක් හරි භාණ්ඩයක් මිලදී ගත්තට පස්සේ
අපිට ඊබේ එකෙනුයි පේ පැල් එකෙනුයි  අපේ ගිණුමට  ඊමේල් 2ක්  එනවා.ඒක කියවලත් අපිට විස්තර දැනගන්න පුලුවන්.   





1.මුලින්ම අපි දැනගනිමු මේ බැලුම්ගල (WATCH LIST) කියන්නේ මොකක්ද කියලා?

දන්නවනේ ඉස්සර රජවරු සේනා සංවිධාන කරලා සතුරට පහර දෙන්න කලින් සතුරන් කොහෙද ගැවසෙන්නේ කියලා හොදට බලා නේ පහර දෙන්නේ අන්න ඒ තැනට තමා බැලුම් ගල කියන්නේ.
                                                  ඒවගේ මේ ඊබේ එකේ අපිට වැදගත් වන අවශ්‍ය වන භාණ්ඩ අපි මිලදිගන්නේ නැතුව ඒවා අපිට සල්ලි තියන දවසක ගන්න පුලුවන් විදිහට ඒ භාණ්ඩ ලිස්ට් තැන්පත් කරලා තියන තැනට තමා බැලුම්ගල කියන්නේ.

                           
                                  

2.බැලුම්ගල (WATCH LIST) අඩංගු වි ඇති වැදගත් දේවල්.

^ මෙය වඩාත් පාවිච්චි කිරීමට යෝග්‍ය වෙන්දේසි වලින් ලංසු තියන අයටයි. මන්ද එයට නිශ්චිත කාලයක් ඇති බැවිනි. එවිට එය අපි ගාව සුරක්ෂිත කරගෙන අවශ්‍ය වෙලාව ආ පසු වැඩේට එලඹිය හැක.

^ මෙහි ගබඩා කල හැකි උපරිම ධාරිතාව භාණ්ඩ වර්ග 200කි.

^ඒවා ක්‍රියාත්මක(ACTIVE) හෝ අවසාන උනු(END) ලෙස කොටස් 2කි.

^ තමන්ට අවශය කියා සිතෙන නමුත් අතේ මුදල් අඩුපාඩුවක් තියන අවස්ථාවක නැවත සෙවීමකින් නොසොයා මෙතනින් සොයාගත හැක.

^එහි කාලය අවසාන වන පිලිවලට සැකසි ඇති අතර අපිට අවශය පරිදි සැකසුම් කල හැක.

^සමහර අවස්ථාවලදි විකුණුම්කරු විසින් නැවත එය නැවත ඇතුලත් කරොත්(RELIST) එය අක්‍රිය කොටසට නොයා සක්‍රිය කොටසට එයි.



                                   
එහෙනම් ඉතින් වැඩේට බහිමු. යාලුවනේ.



3. බැලුම්ගල (WATCH LIST) ඇතුලත් කරගත යුතු තැන සොයා ගැනීම.


                         

ඉහත රුපයේ අකාරයට ක්ලික් කරන්න.


4.එය අපේ බැලුම්ගල (WATCH LIST) ඇතුලත් උනා දැයි සොයා ගැනීම.



බලන්න නිල් පාටින් හයිලයිට් වී ඇත.


5.ඊබේහි බැලුම්ගල (WATCH LIST) සොයා ගැනීම .


ඉහත රූපයේ අකාරයට summary හෝ  watch list ලබාදෙන්න.


6.බලන්න පහත පරිදි ඔබේ අයිතමය(ITEM) බැලුම්ගල (WATCH LIST) එකතු වෙලාද කියා.   


                                    

දැන් ඇති මෙහි සක්‍රිය හා අක්‍රිය කියා කොටස් දෙකක්. නේද
ඒකත් පොඩ්ඩක් හොදට බලන්න.

ඉතා සරළ පහසු කරුණක් නමුත් සමහර අය නොදන්න නිසා තමයි ලියන්න හිතුවේ.ඇත්තටම මේක ගොඩක් වැදගත්.

මම හිතන්නේ දැන් කට්ටියට පොඩ්ඩක් පොඩ්ඩක් ලංසු(BID)
ගැනත් පැහැදිලි විමකුත් වෙන්න ඇති .ඒක සියලුම විස්තර ඊලග පෝස්ට් එකෙන් එලටම දෙන්නම්.

එහෙනම් එකත් ඉවරයි නේද පොඩි සරල දෙයක් නේද?

ඊබේ ගැන තව එක කොටසක් ඉතිරිව ඇත. 

නිවැරදිව වෙන්දේසි වලට ලංසු තැබීම.        

එකත් මාර්තු මාසෙම දෙන්නම්. ඊට පස්සේ මොකක් හරි මාතෘකාවක් ගැන ලියන්න ඔයාලගේ ප්‍රතිචාර මදි.අනිවාර්යයෙන් අපිව දිරිමත් කරන්න ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලාම යන්න.

එහෙනම් කැපුනා.

උදිත චතුරංග
සිංහලෙන් ඊබේ ග්රුප් එක වෙනුවෙනි.
   

                                    

10 comments:

  1. ebay ගැන දිගටම ලියන්න... මමත් භාණ්ඩ දෙකක් ගත්තා.. තාම මග.. මේකෙන් help එක අරන් තමා ගත්තේ ... thanx

    ReplyDelete
  2. elaz... jaya wewa kolo!!!

    ReplyDelete
  3. sehena hoda wedak

    ReplyDelete
  4. pinvathek mage paypal ekata $2k dennakoooo........
    tec.mytips@gmail.com

    meka hoda blog ekak meeke E-Money job ganath livuvanam hodhai........

    ReplyDelete
  5. ඊ මනි ගැන නම් ලියන්න හිතුවේ නැ යාලුවා.බලමු ඉදිරියට.

    ReplyDelete
  6. yaluwane oyala kemathida ebay eken oyalata one dewal miladiganna?hemotama therena engrisiyen liyala thiyenne.bohoma saralawa.oyalath gihin balanna.mama ape malli kenek ekka ekathu wela meka karanne.oyalath podi help ekak denna.kiyawala balala comment ekak danna.
    www.ebayonline2.blogspot.com

    ReplyDelete
  7. This comment has been removed by the author.

    ReplyDelete
  8. thankQ yaluwa,,godak proyojanawath me lipi apata.. godak hodai digatana linawana..

    ReplyDelete