Friday, February 17, 2012

නිවැරදිව පේ පැල් එකට කාඩ් එකක් ඇඩ් කරමු.

                                      


 
දැන් අපි පේ පැල් එකවුන්ට් එකක් හදලා ඉවරයි ---දැන් තියෙන්නේ ඒකට මුදල් ගනුදෙනු කර ගන්න මොකක් හරි බැංකු මාධ්‍යයක් ඇතුලත් කරන එකනේ --ඒකත් අපි පැහැදිලිව පියවරෙන් පියවර රූපසටහන් මාර්ගයෙන් අධ්‍යනය කරමු.


වැදගත්--අපි පේ පැල් එකවුන්ට් එකක් හැදුවේ හොරට-රට සිංගප්පූරුව දාලා- දැන් අලුත් ඊබේ නීති රීති අනුව --අයි පි ඇඩ්රස් හයිඩ් කරලා කරන දේවල් වලට හා වෙන රටක විදිහට බොරුවට හදලා කරන්න ගිහින් අහුවුනොත් එකවුන්ට් ඩිඇක්ටිවේට්(නිශ්ක්‍රිය)  කරන  බවට පවසා තියනවා --අන්න ඒකත් හොදට හිතේ තියාගෙන වැඩේට බහිමු.

ඊට කලින් ඔයාලට ඊබේ ගැන මොනවහරි ගැටලු තියනවනම් ඒවා අහගන්න සිංහලෙන් ඊබේ ග්රුප් එකට සම්බන්ධ වෙන්න.


මෙන්න මේක ක්ලික් කරලා ෆේස්බුක් ඇති සිංහලෙන් ඊබේ ග්රුප් එකට ඇතුලු වෙන්න- ඒවගේම අලුත් තොරතුරු ෆේස්බුක් හරහා දැනුවත් වීමට ෆෑන් පේජ් එකට ලයික් එකක් දාලාම යන්න.

නොදන්න දෙයක් තියනවනම් මට කතා කරලා අහගන්න-0716505000.


 සම්පුර්ණයෙන් මේ වෙත අවධානය යොමු කරන්න-
මේ කියලා තියෙන්නේ සිංගප්පුරු විදිහට පේ පැල් එකක් හදන විදිහ --නමුත් එහෙම සාදන විට සල්ලි ආපහු ගැනීමේදී පොඩි  ප්‍රශ්නයක් ඇතිවී තිබෙන නිසා.
ඒ නිසා රට සදහා මැලේසියාව තෝරගන්න.




1.ලංකාවේ බහුල භාවිතය සහිත කාඩ් වර්ග හා ඒවායේ දැනගත යුතු දේවල්.

මම හිතන්නේ ලංකාවේ බහුලව ඇති පේ පැල් ලින්ක් කරන කාඩ් 2ක තමා
          1.එච් එන් බි ඩෙබිට්.
          2.සම්පත් වෙබ් කාඩ්.

මේ 2කෙන් වඩාත් හොද එච් එන් බි ඩෙබිට්. සම්පත් වෙබ් කාඩ් කියන්නේ මේවාට හදපු විශේෂ එකක් --ඒත් එච් එන් බි ඩෙබිට්. කියන්නේ අපේ සාමාන්‍ය ඉතුරුම් පොතට දෙන කාඩ් එකක් නේ--

ඒ හින්දා 0112-671955 එච් එන් බි කාඩ් සෙන්ටර් කතා කරලා අන්තර්ජාල ගෙවීම් ක්‍රියාත්මක කරගන්න.දවස් 7කට වගේ ක්‍රියාත්මක කරගන්න.ඒක මිනිත්තු 10කින් වගේ ක්‍රියාත්මක වෙයි.

සම්පත් නම් එහෙම අවශ්‍ය නෑ-

ඒ වගේම මෙම කාඩ් වර්ග 2කම වීසා(VIZA) වර්ගයට අයත් කාඩ් වර්ග 2කි.

ඒ වගේම ඔබ සතු වෙනත් ණයපතක්(CREDIT CARD) මේ ආකාරයටම ඇඩ් කර හැක.මේ ක්‍රමය මයි ණයපතකටද අදාල වන්නේ.


                                             

2.මුලින්ම හදපු පේ පැල් එකට යූසර් නේම් පාස්වර්ඩ් දීලා ඇතුලු වෙන්නකෝ.




දැන් මෙතන තියන GET VERIFIED  බොත්තම ක්ලික් කරන්න.


3.ක්‍රම දෙකකින්(VERIFIED )හවුරු කරගැනීම අහනවා ඇති.


                          
 
මෙන්න මේකේ 2 වෙනි ක්‍රමේ තොරගන්න-
CONFIRM YOUR CREDIT/DEBIT CARD.

ඊට පස්සේ GET START බොත්තම ක්ලික් කරන්න.

ලංකාවේ විදිහට පේ පැල් එක හැදුවානම් කිසි ප්‍රශ්නයක් නොමැත මේ ක්‍රමේට ඇඩ් කරගන්න පුලුවන.

ඒත් එක්කම මේ ගැටලුවට පිලිතුරත් හොයා ගමු.

ඇයි මම මේ ක්‍රම 2න් 1 වෙනි ක්‍රමේට මේක කරන්න එපා කිව්වේ?

ඒකේ තියන්නේ

CONFIRM YOUR BANK ACCOUNT.
1.ලංකාවේ බැංකු ගිණුමක් පේ පැල් සදහා සම්බන්ධ වෙන්නේ නෑනේ.
2.අනිකට මේ හදපු එයට බැංකු වේ ඇඩ්රස්. නම් දෙන්න තියනවා.වෙන රටක විදිහට හදලා ඔය විස්තර කොහොම දෙන්නද නේද යාලුවනේ.
හික්ස්-----
එහෙම නැතුව බොරු විස්තර දුන්නොත් ගිණුම වලංගු වෙන්නේ නෑ(VERIFIED) .


4.ඔන්න පුරවන්න විස්තර ටිකක් එයි යාලුවනේ.

දැන් හොදට කියවලා බලලා විස්තර පුරවන්න.


                                  


මෙන්න මේකේ CARD TYPE-VIZA කියන එක යොදන්න.
CARD NUMBER-ඔයාලා ගත්තු කාඩ් එකේ ඉස්සරහ අංක 16 කින් යුක්තව ඇත අන්න ඒ අංක සියල්ල ඇතුල් කරන්න ස්පේස් තියන්නේ නැතුව.
ඒ වගේම EXPIRY DATE- එකට ඉස්සරහ ඇති අවුරුද්ද හා මාසය ඇතුලත් කරන්න.

උදා-11/16 ලෙස ඇත්තම්.ඒ දැක්වෙන්නේ 
 
අවුරුද්ද-2016 හා මාසය 11(නොවැම්බර්) මෙන්න මේ විදිහට
ඔයාලත් ඔයාලගේ අවුරුද්ද හා මාසය හොයාගන්න.

                                             
 
SECURITY CODE කියන එක වැදගත්  ඒකට කාඩ් එක පිටුපස ඇති
අංක 3ක කෝඩ් එක ඇතුලත් කරන්න.

දැන් සම්පත් වෙබ් කාඩ් පාවිච්චි කරන අය බලයි-- කෝ අනේ අපේ කාඩ් එකේ එහෙම අංක 3ක් නෑනේ කියලා. හරි ඒක නිසා ඔයාලා ඔයාලගේ ගිණුමට දුන් අංක 3ක රහස් අංකය ඒ වෙනුවට ඇතුලත් කරන්න.

අනික් ණයපත් බැරපත් වල මේ අංකය කාඩ් එක පිටුපස ඇත.

ඊලගට ඇඩ්රස් එක යටින් පෙන්නනවනේ --එතන තමන්ට අදාල නොවන දෙයක් තියනවනම් අයින් කරලා වෙනස් කර ගන්න නම් CHANGE බොත්තම ක්ලික් කරලා වෙනස් කරගන්න.

දැන් CONTINUE බොත්තම ක්ලික් කරන්න.


5.දැන් ඉතින් තියෙන්නේ පේ පැල් විසින් අපේ බැංකු ප්‍රකාශයට එවනවා අංක 4 කෝඩ් එකක් අන්න ඒක ඇතුලත් කරලා මේ කාඩ් එක තමන්ගේ කියලා සත්‍යාපනය(VERIFIED) කිරීමයි.

                        
                         

දැන් තියෙන්නේ ඉතින් ලොග් අවුට් වෙන එකයි.
මොකද මේ කෝඩ් එක එන්න එච් එන් බී බැංකුවට එන්න කාර්යාලීය දින 2හෝ 3ක් ගත වෙනවා --ඒ නිසා ඒක ආවම වැඩේ කරගන්න විදිහ බලමු.

නමුත් සම්පත් වෙබ් කාඩ් එකේ ඒ වෙලාවේ කෂණිකව ලබාදෙනවා
ඇඩ් කරේ සම්පත් වෙබ් කාඩ් එකක් නම් 0112-300604 කතා කරලා අංක 4කින් යුත් කෝඩ් එක ඒ වෙලාවෙම ලබාගෙන ඇතුලත් කරගත හැක.

GO TO MY ACCOUNT OVERVIEW දීලා       GET VERIFIED දෙන්න.

6.දැන් තියෙන්නේ ලොග් අවුට් වෙච්ච එක ලොග් ඉන් වෙලා මුලින් කී ඇති පරිදි

GET VERIFIED  බොත්තම ක්ලික් කරන්න දැන් කට්ටියටම දකින්න පෙනෙයි පහත රූපයේ පරිදි අංක 4 කෝඩ් එක ලබාදෙන්න .
                                 
                              


සාමාන්‍ය මේ වැඩේට රු 300-500ත් අතර මුදලක් අයවෙනවා. ඒ නිසා බැංකු ගිණුමේ රු 500ක් වත් තිබීම වැදගත් --සිංගප්පුරු ඩොලර් 3ක් මේ සදහා අයවෙනවා.වෙන රටක් විදිහට හැදුවා නම් ඒ රටට අදාල යම්කිසි මුදලක් අයවෙයි.

එය විදේශ විනිමය අනුපාතික වෙනස් වන ආකාරයට මුදල වෙනස් විය හැක.

ඒ වගේම මෙම වැඩේ ඉවරවෙලා නිවැරදිව පේ පැල් කෝඩ් එක දීලා පැය 24ක් ඇතුලත නැවතත් ඔබෙන් අය කරගත්ත මුදල්(සිංගප්පුරු නම් ඩොලර් 3ක මුදල) තෑග්ගක් වශයෙන් ගිණුමට බැර කරනවා.

සැ:යු-ඉහත පරිදි අපිට නිවැරදිව මොන යම් හේතුවක් මත මේ කෝඩ් එක දෙන්න අපොහොසත් උනොත් අයවුනු මුදල ලැබෙන්නේ නම් නෑ යාලුවනේ---මොකද මේ නීතිය ගෙනල්ලා තියෙන්නේ හැකර්ලගෙන් ගිණුම් ආරක්ෂාකර ගන්න.

ඒ නිසා නිවැරදිව දෙපාරක් කියවලා කෝඩ් එක ඇතුලත් කරන්න.

මුල් කෝඩ් සොයාගන්න අපහසුයි නම් නැවතත් කෝඩ් ඉල්ලුම් කල හැක නමුත් නැවතත් මුදල අයවෙයි.

අන්තිමේට CONFIRM CARD බොත්තම ක්ලික් කරන්න.

දැන් ඉතින් තියෙන්නේ පේ පැල් එකට කෝඩ් එක ඇඩ් කරලා සත්‍යාපනය(VERIFIED) කිරීමයි .


7.දැන් තමන්ගේ පේ පැල් කෝඩ් එක 2 වතාවක් නිවැරදිව කියවලා ඇතුලත් කරන්න.



                                                  

දැන් ඔබේ කාඩ්පත තහවුරු කරගත්තා යැයි පණිවිඩක් ලැබෙයි --ඒ වගේම ඔබෙන් ලබාගත්ත සිංගපූර් ඩොලර් 3ක මුදල නැවත් පැය 24ක් ඇතුලත ලබාදෙන බව දිස්වෙන පනිවිඩයකුත් පෙන්වයි-


8.දැන් නැවත පේ පැල් ගිණුමේ මුලට යන්න.(over view)


                                        




*ඒ වගේම පහතින් දක්වා ඇති පරිදි මුදල් ආපහු බැංකු ගිණුමට පේ පැල් විසින් දමා ඇති බවට පෙන්නුම් කිරිමකුත් ලැබෙනු ඇත.

*නමුත් ඒක බැංකු ගිණුමට ඒමට දින 3ක් පමණ ගතවේ.

*දැන් ඔබේ පේ පැල් ගිණුමේ ඇති මුදලත් මෙහි පෙන්නුම් කරයි.

*දැන් 100%ක් වැඩේ අහවරයි-
දැන් ඔබට පෙනෙනවා ඇති ඔබේ ගිණුම සත්‍යාපනය වු බව.(Verified).


වැදගත්-

ලංකා විදිහට පේ පැල් හැදුවානම් මෙහි මුදල් ඇමරිකන් ඩොලර් වලින් පෙන්වන්නේ US=$ 0.00  වශයෙන්ය.
නමුත් ඔබේ ගිණුමේ සල්ලි තිබ්බත් නැතත් පෙන්වන්නේ US=$ 0.00 යි-එයට හේතුව පේ පැල් ලංකාවට තාම ලින්ක් නැති නිසායි.

නමුත් කාඩ් එකේ සල්ලි තියනවනම් බයවෙන්න දෙයක් නෑ සල්ලි පෙන්නුවේ නැති උනාට ගණුදෙණු කීරීමට පුලුවන.


එහෙනම් අලුතින් ඊබේ හා ගණුදෙනු කරන්න ලහි ලහියේ සූදානම් වන ඔබට මගෙන් උණුසුම් සුභපැතුම්.
ඒ වගේම අන්තර්ජාල මුදල් සෙවීම් කරන්න යන අයටද මගෙන් උණුසුම් සුභපැතුම්.

වෙලාවක් ලැබුනු විගස අලුත් මොනවහරි ලබාදෙන්නම්. 

ඒවගේම හොර බොරු වංචා නැතුව නිසි විනයක් ඇතුව ඊබේ ගිණුම පවත්වගෙන යන මෙන් ඉල්ලා සිටිමි.

ස්තුතියි.








                                 

                                        

48 comments:

  1. pay pal ekata HNB card eka add kirimata pera ,0112671955 ta cal kirima awashyada?

    ReplyDelete
  2. අනිවාර්යයෙන් අවශ්‍යයි.එච් එන් බි නම්(ඩෙබිට් කාඩ්) නම් නමුත් සම්පත් වෙබ් කාඩ් එකේ එහෙම ප්‍රශ්නයක් නෑ.

    ReplyDelete
  3. උදිත අයියේ
    මම දැන් දෙපාරක්ම මගේ HNB කාඩ් එක ලින්ක් කල එත් හරි ගියේ නැනේ. කාඩ් සෙන්ටර් එකට කතා කරපුවන ඇවිල්ල නෑ කියනවා.
    බැංකුවෙන් සල්ලි කැපිලත් නෑ.
    මොකක්ද කෙස් එක,

    මගේ පේපැල් එක තියෙන්නේ මැලේසියා විදිහට,
    දැන් පේපැල් වලට කාඩ් එක ලින්ක් කරනකොට ලිපිනය දෙන තැන මැලේසිය කියන එක වෙනස් කරන්න බෑනේ,
    පේපැල් පේජ් එකේ කියනවා "The billing address you enter must exactly match the one shown on your card statement. Check your debit or credit card statement to confirm that the addresses match."

    https://www.paypal.com/helpcenter/main.jsp;jsessionid=5pFTPRyGHxJnTSy1nyl4M9q0y17WNLL8pJGMmZT2VsrpxG9ShVhb!1178393312?locale=en_US&_dyncharset=UTF-8&countrycode=CA&cmd=_help&serverInstance=9020&t=solutionTab&ft=browseTab&ps=solutionPanels&solutionId=1205022&isSrch=Yes

    හැබැයි අය්යාලත් පේපැල් වලට කාඩ් ලින්ක් කරගෙන තියනවනේ නේද,
    මොකක්ද කෙස් එක වෙන්න ඇත්තේ.

    ReplyDelete
  4. 1.මල්ලි මුලින්ම බලන්න .ඔයාගේ කාඩ් එක විසා අන්තර්ජාල පේ මන්ට් කරන්න පුලුවන් කාඩ් එකක්ද කියලා.

    2.කාඩ් එක ලින්ක් කරනකොට අන්තර්ජාල පේ මන්ට් ඇක්ටිව් කරලද බලන්න.නැත්නම් එච් එන් බි කාඩ් සෙන්ටර් කතා කරන්න.

    3.බලන්න පේ පැල් එකවුන්ට් එක ලංකාවේ කියලා අහුවෙලාද කියලා.

    4.ඔයා දැනටමත් වෙන පේ පැල් එකවුන්ට් එකක ඇඩ් කරලා තියන කාඩ් එකක්ද ඇඩ් කරන්නේ කියලා බලන්න.

    එච් එන් බි කතාකරලා උත්සහ කරලා බලන්න.

    බැරි උනොත් මෙතනට රිප්ලයි එකක් දාන්න මම හරි ඔයාට හදලා දෙන්නම්.

    ReplyDelete
  5. good article. keep up ur good work. cheers.

    ReplyDelete
  6. machan mama samapth web card eka pay pal walata link kala.habai mama verified kale na aulak weida ?

    ReplyDelete
  7. meka alawanguwak newe sawalak

    ReplyDelete
  8. ko me iphone 15000ta koheda tiyenne?

    ReplyDelete
    Replies
    1. ඊබේ එකේ අවශ්‍ය තරම් සරච් කරලා බලන්න.
      ඔයාට 15000ට අඩුවෙනුත් ඇපල් අයිෆෝන් ගන්න පුලුවන්.

      Delete
  9. 1.මම අන්තර්ජාලයෙන් හොයන සල්ලි ගන්නත්,ඒ සල්ලි ලංකාවේ bank accnt එකකට ගන්නත් හදන්න ඕනේ paypal premier accnt එකක්ද?

    2.Accnt එක ලංකාවේ විදිහට හැදුවොත් කොහොමවත්ම bank එකට සල්ලි ගන්න බැරිද?

    3.Accnt එක ලංකාවේ විදිහට හැදුවොත් PayPal accnt එකට සල්ලි ගන්නත් බැරිද?

    ReplyDelete
    Replies
    1. 3 වෙනි එක කරන්න පුලුවනි-

      Delete
  10. mata thiyenne sigappur ekak ne mokada ekata karanne eke sallith thiyanwa

    ReplyDelete
    Replies
    1. විපුල යාලුවා සල්ලි තියනවද ඒක වෙරිෆයි කරලා නම් .ප්‍රශ්නයක් නෑ මොනවහරි භාණ්ඩ ගන්න පුලුවන්.නමුත් යාලුවා ඒකේ සල්ලි ඔයා දිලා තියන කාඩ් එකට නැවතලබාගැනීම්.(withdrawal) කරන්න බෑ.

      Delete
  11. machan niyamai pehedili kirima. . good work :D

    ReplyDelete
  12. Card Number:- Please enter a valid credit card or debit card number.

    mama real number eka dunne eth waradi kiyanawa ne e ai?

    ReplyDelete
  13. කාඩ් නම්බර් එකයි ----පිටිපස්සේ තියන අංක 3යි ඇතුල් කරාම හරි--
    බලන්න ඔයා ඇඩ්කරලා තියන කාඩ් එක
    අන්තර්ජාල ගණුදෙනු වලට ගැලපෙන කාඩ් පතක් ද කියලා හා එහි අන්තරජාල ගණුදෙනු පහසුකම ක්‍රියාත්මක කරලද කියලා.

    ReplyDelete
  14. ela ela niyama wadak macho godak un hota ana ganawa me wada karanda gihin ea nisa me wade goda bn digatama karagana yanda mage suba pathum....!

    ReplyDelete
  15. uditha HNB ekata dawas 3-4kin ewana cord eka ganna bank ekata call kalama denawada?

    ReplyDelete
  16. අනිවාර්යෙන්ම එනවා යාලුවා
    කාඩ් එක පිටිපස්සේ තියන නම්බර් එකට කතා කරලා බලන්න.

    ReplyDelete
  17. මචන් උදිත මගේ පේපල් ගිණුම ලංකාවේ විදියට තියෙන්නේ ඒකෙන් මට එන්න තිබුණු රිෆන්ඩ් එකටත් කෙලඋනා $30 දරාගන්න බෑ බන්...මට මේ ලංකාවෙි විදිය හදපු එක රිමු කරලා මැලේසියන් විදියට ගිණුමක් හදන්න ඕනී මට ඒක රකන විදිය කියලා දෙන්නකෝ.....ලොකු උදව්වක් මචන්.......

    ReplyDelete
  18. machan uditha
    man mage account eke details dunnam mehema message ekak enawa hama welema
    We were unable to verify this credit card. Please check if the information you entered is correct. Please also make sure your credit card billing address matches your PayPal street address.
    bt man dila thiyenne aththa details
    ai ehema message ekak enne

    ReplyDelete
  19. ඉඩහන් බැංකුවට කතා කරලා ඇවිත් උම්මා එකක් දෙන්නම් ,

    ReplyDelete
  20. machn patta mama wade kara gatta dn mata ona $ mage card ekata add karagann eka kohomada karanne?

    ReplyDelete
  21. Hi Uditha Aiya,
    Commercial shopping debit card 1k verify krna system 1ka mta kiynawada ??
    mn bank 1n ahuwa statement 1k denawada kiyla ? egollo kiwwa statement 1k denna na kiyla..
    sarama tika passbook eka tiyey kiyla..
    bt passbook 1 ekama wage code godak tiyenawane!!!

    ReplyDelete
  22. This card has been disabled for entry into the PayPal system. Please add a different card. You may also contact us using menna mehema err ekak enawa help ekak karanna pulwandoooo

    ReplyDelete
  23. macho, mge com 1ke ip address hide karala thiyenne. paypal account 1ta awulak wewida????? plzzz anz 1k denna.

    ReplyDelete
  24. Awilla godak kal unata wada tika hariyatama kale dan. Godak pin me article set ekatama..

    ReplyDelete
  25. Mama meka puluwan tharam share karannam..

    ReplyDelete
  26. nations trust බැංකුවෙන් දෙන american express කාර්ඩ් එක මේකට වලන්ගුද ?? ආරක්ශාව කොහොමද ??

    ReplyDelete
  27. comb bank eke code eka ewelema ganna puluwanda?

    ReplyDelete
  28. ස්තුතියි සුදු අයියේ,ඔයාගේ උදව්වෙන් මාත් අද කාර්ඩ් එක add කරගත්තා.. මේ බ්ලොග් එක හුගාක් වටිනවා,දිගටම කරගෙන යන්න...

    ReplyDelete
  29. නියම ලිපියක් මචන්..

    ReplyDelete
  30. Thank you සහෝ. බඩු ටිකක් ඕඩර් කළා.

    ReplyDelete
  31. මම හදලා තියෙන්නේ hnb එකට prime ආකාරයට paypal එක ලංකාවට.මට දැන ගන්න ඕනි මේ paypal එකෙන් මට selling කරන්න පුලුවන්ද.මට කාඩ් එකට සල්ලි ගන්න ඕනි නැ මට ලැබෙන සල්ලි ආපහු වියදම් කරලා ebay එකෙන්ම බඩු ගන්න පුලුවන්ද

    ReplyDelete
  32. මම හදලා තියෙන්නේ hnb එකට prime ආකාරයට paypal එක ලංකාවට.මට දැන ගන්න ඕනි මේ paypal එකෙන් මට selling කරන්න පුලුවන්ද.මට කාඩ් එකට සල්ලි ගන්න ඕනි නැ මට ලැබෙන සල්ලි ආපහු වියදම් කරලා ebay එකෙන්ම බඩු ගන්න පුලුවන්ද

    ReplyDelete
  33. Ebay account eka thiyenne srilankan widiyta...paypal eka philiphine widiyata haduwoth awulak yaida?

    ReplyDelete
  34. Ebay account eka thiyenne srilankan widiyta...paypal eka philiphine widiyata haduwoth awulak yaida?

    ReplyDelete
  35. comercial bank card aka paypal akata ad karata kamak nedda?ebay sell karaddi melasiya vidiyata paypal account aka hadala tiyenam conbank card akata money witdraw kala hekida?

    ReplyDelete
  36. comercial bank card aka paypal akata ad karata kamak nedda?ebay sell karaddi melasiya vidiyata paypal account aka hadala tiyenam conbank card akata money witdraw kala hekida?

    ReplyDelete
  37. මැලේසියන් පේපැල් වල කාඩ්වලට විත්ඩ්‍රො දැන් අයින් කරලා ඇත්තේ
    පිලීපීන් ගිණුමක් හදන්න

    ReplyDelete
  38. මචන් පීපල්ස් බෑන්ක් (මාස්ටර් කාඩ්) ඩෙබිට් කාඩ් එකෙන් පුලුවන්ද කියල ඔයා දන්නව ද

    ReplyDelete