Tuesday, February 7, 2012

පේ පැල් කියන්නේ මොකක්ද ?






               

මුලින්ම පේ පැල් ගැන----------------------------------------

www.paypal.com ගිහිල්ලා sign in වෙලා පේ පැල් එකවුන්ට් එකක් හදාගන්න පුලුවන්


ඒ වගේම පේ පැල් යුසර් නේම් එක වෙන්නේ අපි පේ පැල් එකවුන්ට් එකට දුන් ඊ මේල් ඇඩ්රස් එකයි--
ඒත තමා වැදගත් වන්නේ අපි මුදල් ගෙවිමට යන විට-------


ඕනිම කෙනෙකුට ලෙහෙසියෙන්ම ලොග් වෙලා ඊබේ එකවුන්ට් එකක් ------පේ පැල් එකවුන්ට් හදාගන්න ලේසිනේ ඒවා ගැන වැඩිය කතා කරන්න ඕනි නෑ නේ ---නේද ------ප්‍රශ්නයක් ආවොත් එන්නේ ---පේ පැල් එකට අපේ අන්තර්ජාල මිලදි ගැනිම් වලට වලංගු වන කාඩ් එක ඇතුල් කිරමේදි ---එන ප්‍රශ්න හා ඒවිට පිලිතුරැ මම වෙන ---ඩොක් එකකින් දෙන්නම් ----

ෆේස් බුක් එකවුන්ට් එකක් හදනවා වගේ තමා ---මේ එකවුන්ට් හදන්න තියෙන්නේ නමුත්----ඇඩ්රස් එක ලබා දෙන තැන තමාගේ ඇඩ්රස් එක නිවැරදිව යොමු කිරිම වැදගත්ය---------------------------------------------




----------------------සියලු දෙනාට තෙරුවන් සරණයි-------------------------

1.දැන් බලමු මේ පේ පැල් කියන්නේ මොකක්ද?-
-------------------------------------------------------------------

ඇත්තටම කිව්වොත් මෙය අතරමැදි මාධ්‍යයක් ---


---------------අපේ ගෙවන මුදල් පේ පැල් හරහා අපි විකුණුම්කරැට ගෙවනවා-----

එතකොට වෙන්නේ අපේ තොරතුරැ ආරක්ෂා වෙමින් ----ඒ වගේම විකුණුම් කරැගේ තොරතුරැද ආරක්ෂා වෙමින් --පේ පැල් ආයතනය දෙදෙනාගේ අතරමැදියෙකු ලෙසින් ක්‍රියා කර ගණුදෙනුව ඉතා ආරක්ෂිතව කරලා දෙනවා ----------අන්න ඒක තමා මේ පේ පැල් කියන්නේ

-----හරියට කපු මහත්තයෙක් වගේ --හික්ස් -----ඩි


2.ඇයි පේ පැල් වැදගත් වන්නේ අපිට ?
---------------------------------------------------------------------

ලෝකයේ තිබෙන හොදම ආරක්ෂාකාරි වගේම ජනප්‍රිය මුදල් හුවමාරැ ක්‍රමය මෙය වේ ----එය වඩාත් ආරක්ෂාකාරි බව නිසා-----හැමෝම කතා වෙන්නේ මේ පේ පැල් ගැනය --ඇත්තටම මේක වැදගත් වෙන්න හේතුව --හැමෝම පාවිච්චි කරන නිසා --හැමෝම මුදල් ගනු දෙනු වලට ඉල්ලන්නේ පේ පැල්ය

ඒ වගේම මුදල් ගනු දෙනු කරන හැම වෙබ් අඩවි යක්ම පේ පැල් සදහා මුදල් හුවමාරැ කිරිමට කැමැත්තක් දක්වයි-----------------------------------------------------------------

උදා--බලන්න ඊබේ කියන වෙබ් අඩවිය -----සදහා මුදල් ගෙවිමට අනිවාර්යයන් අවශ්‍ය වන්නේ පේ පැල් කියන මාධ්‍යයි 99%ක්ම

ඒ වගේම බක්ස් සයිට් මයික්‍රො වරකස් වැනි සයිට් වලින් මුදල් ලබා ගැනීමට පේ පැල් වලට හැකිය---------

හැමෝම පාවිච්චි කරන්නේ පේ පැල් නිසා මේක සිඝ්‍රෙයන් ජනප්‍රිය වේගෙන ගොස් ඇත----------------


3.පේ පැල් විස්තර හා එහි ඇති ගිණුම් වර්ග
------------------------------------------------------------------------------------
මේ මාතෘකාව වැදගත් ඒ නිසා හොදින් කියවන්න ----අපැහැදිලි තැනක් තියනවනම් අහගන්න --වැරදුනු තැනක් තියනවනම් දන්වන්න-------------(0716-505000)

@@@@ වැදගත් --මුලින්ම පේ පැල් එකවුන්ට් හදන අවස්ථාවේදි -අංක 1ට අහනවා --අපේ රට මොකක්ද කියලා---අන්න එතන වැදගත් -------------ඒකට හේතුව මම මේ ඩොක් එකේ සදහන් කරන්නම්----

     

1.PERSONAL -

මේ එකවුන්ට් එකක් හදන්නේ --තනිවම මිලදි ගැනීම් කිරිමට --පමණයි --මේ එකවුන්ට් එක අයිති එක කෙනෙකුටයි

ඒ වගේම මේ එකවුන්ට් ඇති විශේෂත්වයි --මෙයින් කර හැක්කේ මිලදි ගැනීම් පමණි ---
මෙම එකවුන්ට් එකෙන් අන්තර්ජාලය හරහා හොයපු මුදල් ලබා ගැනීම කර නොහැක-----

2.PREMIUM-

මේ එකවුන්ට් එක තනියම පුද්ගලයකුට පාවිච්චි කර හැකි අතර මෙයින් මිලදි ගැනීම් හා අන්තර්ජාලයෙන් සොයාගත්ත මුදල් ලබා ගත හැක---

3.BUSINESS-

වෙලෙන්දන්ට --තමන්ගේ කම්පැනි නේම් එකක් හෝ ග්රැප් එකක නමක් යොදාගෙන මේ එකවුන්ට් හැදිමට පුලුවන --ඒ වගේම මෙහි සියලුම පහසුකම් ඇතුලත්ය-----------------------------


^^^^^ඒ වගේම පේ පැල් හරහා අපි යම් මිලදි ගැනීමක් කීරීමකදි අපෙන් බදු මුදලක් අය නොවෙයි--
ඒත් අපි අන්තර්ජාලයෙන් හොයන් ලද මුදලක් ගැනීමේදි බදු මුදලක් අයවෙයි --අන්න එකත් මතක තියා ගන්න---



 4.පේ පැල් වල ගෙවීමේ විධි හා ගණුදෙනු ආරක්ෂණය පිලිබදව කෙටියෙන්----------------------------


                               
                                       


         

පේ පැල් වල ගෙවිමේදි ක්‍රම 2කට ගෙවිය හැක.

1.අපි යම් ආයතනයකට පේ පැල් හරහා මුදල් ගෙවනවනම් --එක් මිලදි ගැනීමකට ගෙවනවද
නැත්නම් තැග්ගක් වශයෙන් යවනවද කියා අහනවා -----ඒකේ
තැග්ගක් වශයෙන් යැව්වොත් ලබාගන්නා පාර්ශවයට බදු මුදලක් අය වෙන්නේ නෑ------

2.මිලදි ගැනීමකදි ගෙව්වොත් ලබාගන්නා පාර්ශවයට බදු මුදලක් අය වෙන අතර ---ඔබට ගත්ත භාණ්ඩයට දින 60ක කාලයක් වලංගු ගනුදෙනු ආරක්ෂණයක් --හිමි වෙනවා---

ඒ වගේම මේ පේ පැල් වල බදු මුදල් එක එක රටට වෙන වෙනම ගානත් වෙයි ----

ගනුදෙනු ආරක්ෂණ(BUYER PROTECTION) ගැන මම ඩොක් 3 දෙන්නම්

1.ඊබේ
2.පේ පැල්
3. ඩි එච් ගේට් ----



   

5.මොකක්ද මේ පේ පැල් වෙරිෆයි(VERIFY) කතාව හා ඒක ලංකාවට බලපාන අන්දමට
------------------------------------------------------------------------------------------------------------

ඇත්තටම කිව්වොත් ලංකාවට වලංගු වෙන්නේ පේ පැල් -----PERSONAL-ACCOUNT විතරයි ----මොකද තාම ලංකාවට වලංගු වෙන්නේ ඒක විතරයි --------------------------------------------------------------------
ඒවගේම ගෙව්ව මුදල් යම් හේතුවකින් යම් ලබාගැනීමක් (REFUND) ලබා ගත හැක---

වෙරිෆයි කියන්නේ සිහලෙන් තහවුරැකරගැනීමයි ----ලංකාවේ PERSONAL-ACCOUNT හැර අනික් ඒවා වෙරිෆයි කර ගැනිමට පේ පැල් සමාගම තාම ඒ පහසුකම ලබා දී නැත--

එතකොට අපි අන්තර්ජාලය හරහා හොයාගන්න මුදල් කොහොමද ගන්නේ කියලා ප්‍රශ්නයක් මතු වෙනවා නේද--------------------------------

ඒකට විසදුමක් වශයෙන් වෙන රටක විදිහට පේ පැල් එකවුන්ට් හදන්න අවශ්‍යයයි---මන්ද ලංකාවට පහසුකම තියෙන්නේ PERSONAL-ACCOUNT විතරක් නිසා

    
           
     -PREMIUM ACCOUNT එකක් හදා ගැනීමට ඔබ රට විදිහට මැලේසියාව ,සිංගප්පුරැව වැනි රටක් තොරාගන්න වෙන රටවල් තොරගන්න එපා ---ඒවායේ බැංකුවේ ඇඩ්රස් එක හා වලංගු ලියාපදිංචි ලිපිනයක් දෙන්න ඕනි----


පස්සේ අපේ ගෙදර ඇඩ්රස් හා අපේ සියලු විස්තර දිලා එකවුන්ට් එක හදාගත්තම හරි ---
ඒක වෙරිෆයි කරගන්න අන්තර්ජාල ගණුදෙනු වලට වලංගු කාඩ් පතක් යොදා ගත්තම හරි ------------

පොඩ් අවුලක් තියනවා ---ඇඩ්රස් එකේ එකේ අන්තිමේට අපි හදපු රට වැටෙනවා --ඒකට විසදුමකුත් කියනවා --මොකද ඊබේ එකෙන් බඩු ගන්නකොට ඊබේ ඇඩ්රස් ස්වයංක්‍රියව පේ පැල් ඇඩ්රස් මාරැ වෙන නිසා---------------------------------------------------------------------------

නමුත් කෙලින්ම පේ පැල් හරහා ගෙවනවනම් විකුනුම් කරැ දැනුවත් කරන්න ---මගේ රට ලංකාවේ කියලා---

-----------මේ දවස්වල බ්ලොග් එකේ කටයුතු කරගෙන යනවා ---මම පස්සේ බ්ලොග් එකෙන් රැප සටහන් පාවිච්චි කරලා කොහොමද

$$$$ කාඩ් එකක් ඇතුලු කිරිමේදි වෙරිෆයි කරන්නේ හා එක් පාවිච්චි කිරිමේදි මතු වන ගැටලු වලට විසදුම් ගැන ඩොක් එකක් දෙන්නම්------------------

6.පේ පැල් සදහා අපිට ඇතුලත් කල හැකි කාඩ් වර්ග----------------------------------------

               

1.මාස්ටර් කාඩ්
2.විසා කාඩ්
3.ඇමරිකන් එක්ස්ප්‍රස් කාඩ්
4.ඩිස්කවර් කාඩ්
5.බැංකු ගිණුමක් උවද පුලුවනි         




එහෙනම් පේ පැල් ගැන හොදටම ඇති නේද ---

එහනම් මම ගියා

උදිත චතුරංග
ඊබේ සිංහලෙන් ග්රැප් එක වෙනුවෙනි


 සිංහලෙන් ඊබේ ග්රැප් එක වෙත   



                                         

0 comments:

Post a Comment