Monday, February 13, 2012

ඊබේ මගින් නිවැරදිව භාණ්ඩයක් තෝරා ගන්නා අකාරය.

සමාවෙන්න ඕනි සියලු දෙනාටම මොකද ඊලගට දෙන්න හිටියේ පේ පැල් වලට කාඩ් එකක් ඇඩ් කරන විදිහ ගැන නමුත්
ගිණුම සක්‍රිය වෙන්න දවස් 3කුත් පේ පැල් කෝඩ් එක එන්න දවස් 3 කින් පරක්කු වෙන නිසා මම ඒක තව සතියකට කල් දැම්මා ---ඒ සතියේ මොනවත් අලුත් දෙයක් නැති නිසා මේ ඩොක් ලියන්න හිතුවා----------




           සියලු දෙනාට තෙරුවන් සරණයි!



                                   






1.මේ රැප සටහනේ මුලික කොටස අධ්‍යනය කරමු.




දැන් මම මේ සම්බන්ධව ඉහත රෑපයේ හදුන්වලා තියෙනවා විශේෂ තැන් කිහිපයක්

1.ලබා ඇති පාරිභෝගික තෘප්තිය --මෙන්න මේක 100% ආසන්න සංඛ්‍යාවක් තියනවනම් ඒ විකුණුම් කරැ හොදයි--

2.ඒ වගේම ඔහු විශිෂ්ඨ විකුණුම්කරැවෙක් නම්(TOP RATED SELLER) වඩාත් හොදයි--

3.ඒ වගේම ඔහු විකුණපු භාණ්ඩ ගන්නද බලාගන්න පුලුවන් ඒකත් වැඩි නම් ඔහු වඩාත් හොදයි----

4.තවත් දෙයක් විකුණුම්කරැ විකුණු ඒ වර්ගයේ භාණ්ඩ ගනනද බලාගන්න පුලුවන්-----

5.පස්සේ මම කොටස් දෙකකට වෙන්කලානේ Description කොටසයි Shipping කොටස අන්න ඒ දෙක ගැන වෙන වෙනම බලමු-----






2 . Description කොටස අධ්‍යනය කරමු.




 
1.ඒ වගේම මෙහි ඇති කොටස් හොදට කියවන්න--සමහර ඒවා තියනවා ඒවා ලස්සනට තිබ්බට ඒවා බොරැ ඒවා(FAKE) ඒ නිසා ඒවායින් පරිස්සම් වෙන්න--

2.ඒ වගේම භාණ්ඩය දෙන වගකීම් කාලය --පාවිච්චි කර බලා හොද නැත්තම් ආපහු ලබාගන්නවද නැද්ද කියලා(RETURNS).මේ කොටසේ සදහන්ව තියනවා

3.තවත් දෙයක් සමහර භාණ්ඩ වල පාවිචිචි කරන ලද ලෙසට භාණ්ඩයේ තත්වය(ITEM CONDITION) එක තිබ්බත් අන්තිමේට සෙලර් විසින් විශේෂ කරැණු සදහන් කරලා තියනවා ඒ නිසා මේක වැදගත් කියවීම.
අනික අපැහැදිලි තැනක් තියනවනම් සෙලර්ට ඊමේල් එකක් දැමීම වැදගත්-

4.උදා--සමහර ඇපල් අයිෆෝන් වල පාවිචිචි කරන ලද ලෙසට භාණ්ඩයේ තත්වය(ITEM CONDITION) එක තිබ්බත් අන්තිමේට සෙලර් විසින් විශේෂ කරැණු සදහන් කරලා තියනවා

5.වයිෆයි වැඩ කරන්නේ නෑ
වයිබ්‍රේෂන් වැඩ කරන්නේ නෑ කියලා--


 
3. Shipping කොටස අධ්‍යනය කරමු

               
                                  

 
ඉතින් ඒ රූපයේ තමන්ගේ රට නැත්නම් ඒ භාණ්ඩයම ගන්න ඕනි නම් සෙලර්ට ඊමේල් එකක් දැමිම වැදගත් (මැසේජ් එකක්) අපේ රටට නැව්ගත් කරන්න පුලුවන්ද කියලා----



4.දැන් බලමු සෙලර්කෙනෙකුට මැසේජ් එකක් යවන්නේ කොහොමද කියලා?

                               
                               
                

 

Description කොටසේ අන්තිමේට යන්න

දැන් Ask a Question කියන කොටස ක්ලික් කරන්න.



5.දැන් අහන්න ප්‍රශ්නය මොන මාතෘකාව යටතේද කියලා?              


                
  


පසුව මැසේජ් එකක් යවන්න අනතුරැව කෝඩ් එකක් ලියන්න ඉල්ලයි ඒකත් නිවැරදිව දෙන්න මැසේජ් එක දැන් සාර්ථකව යැව්වා කියලා ඔබට පණිවිඩයකින් දිස්වෙයි--------

ඉතින් දැන් සෙලර්ගෙන් මැසේජ් එකක් ආවද නැද්ද කියලා කොහොමද හොයාගන්නේ?

ඔබේ ඊබේ එකවුන්ට් එකට දුන් ඊමේල් ඇඩ්රස් එකට හෝ summary ගොස් මැසේජ් බලන්න---
Summary කොටසට යන්න ඔයාලා දැන් දන්නවනේ පහුගිය ඩොක් වල තිබුනා --දන්නේ නැත්නම් ආපහු බ්ලොග් එක පීරලා බලන්න---


                              

   

තවත් දෙයක් කියන්න ඕනි සමහර සෙලර්ස්ලා මේ මැසේජ් එවනකොට අපෙන් සුලු මුදලක් අය වෙනවා ඒ සෙලර්ට රැ 5ක් වගේ ගන්නවා--
ඒකට එවන පිලිතුරට නැවත යැවිමක් යවන්න අවශ්‍ය නම් රිප්ලයි එකක් යොදා ගන්න එවිට නැවත යවන මැසේජ් වලට ගානක් අයවෙන්නේ නෑ--
ඒ ගාන අයවෙන්නේ අපි ලබා දෙන කන්ෆීම් කෝඩ් එකත් සමගයි.


එහෙනම් භාණ්ඩයක් නිවැරදිව තෝරාගැනීම ගැන ප්‍රමාණවත් --
ඊලගට කියන්නම් කොහොමද ඊබේ වෙතින් භාණ්ඩයක් සොයා ගන්නේ කොහොමද කියලා?

එහෙනම් මම ගොහින් එන්නම් --
උදිත චතුරංග
කමෙන්ට් එකක් ලයික් එකක් දාන්න අනිවාර්යයෙන්ම.
0716-505000.


  
                                            

10 comments:

  1. ගොඩක් වැදගත් දෙයක්..
    වැඩේ නියමයි මල්ලී..

    අපේ සුභ පෙතුම්..!!!

    ReplyDelete
  2. අපි භාණ්ඩයක් තොරද්දී ලංකාවට එවන ඒවා විතරක් පෙන්නන විදිහට settings හදන්ඩ බැරිද?ගොඩක් වෙලාවට බඩු තොරද්දී එපා වෙන්නේ වැඩි හරියක් ගන්ඩ බලද්දී ඒවා ලංකාවට එවන්නේ නෑ කියල වැටෙනකොට.

    ReplyDelete
  3. මේ බ්ලොග් එකේ ඇති ඊබේ මගින් නිවැරදිව තෝරන අකාරය --එකේ Sort Menu එකෙන් හෝ ඇඩ්වාන්ස් සර්ච් එකෙන් එක් කරන්න පුලුවන්.

    ReplyDelete
  4. Casinos Near Me - Oklahoma Casino Guide
    List of Casinos Near Me · Hard Rock 텐벳 Hotel & Casino 게임종류 Tulsa · Hard Rock Hotel & Casino 에볼루션바카라 Tulsa · w88 dashboard Hard Rock 슈어 벳 Hotel & Casino Tulsa · Hard Rock Hotel & Casino Tulsa.

    ReplyDelete