Saturday, March 31, 2012

ඊබේ හා මුදල් කලමනාකරණය 2.


    සියලු දෙනාට තෙරුවන් සරණයි.


මම දැන් කතා කරන්නන යන්නේ මුදල් කලමනාකරණය ගැන. අලුතින් මොනවත් දෙන්න බැරිඋනු නිසා පටන් ගමු මුදල් කලමනාකරණය කොටස ගැන.

අද කියන්න හිතුවේ පේ පැල් ඩොලර් කතාවනම් නෙවේ ඒකයි තව පේ පැල් තොරතුරු පස්සේ පේ පැල් 2 කොටසින් දෙන්නම්.

1.අද කියන්නේ සාමාන් අපිට වටිනා හොද ක්‍රමයක් ගැන .ඒක ඇත්තටම වාසියි නමුත් හා බැදුනු යම්යම්
දැනගත යුතු හා නොයුතු දේවල් හා බැංකු අපිට දාන ට්‍රික් ගැන කියන්න තමයි වැඩේ පටන් ගත්තේ. 





1.ණයපත්(CREDIT CARD)

අපි වගේ පොඩි අයට ණයපත්(CREDIT CARD) ගන්න බෑනේ දන්නවනේ ඒකට අවශ් කොන්දේසි මොනවද කියලා නේද?


1.ස්ථාවර වැටුපක් ලැබෙන කෙනෙක් වීම

අවමය රු 15000ක්

2.්‍යාපාරිකයෙක් නම් ඔහු ඔහුගේ ජංගම ගිණුම නිවැරදිව පවත්වාගෙන යා යුතු අතර ඔහුගේ මුල්‍ය වත්කම් සලකා බෑලේ.  
දැන් මම වගේ කැම්පස් යන්න ඉන්න ශිෂ්යකුට ඔව්වා මොනවත් නෑනේද............පුහ් කොහින්ද අපිට සල්ලි නේද
යාලුවනේ........ඒකට සුපිරි විසදුමක් ලබාගන්න පුලුවන් උනා ඒක ඇත්තටම නියමයි ඊබේ බිස්නස් එකට කදිමයි.
 බලමු මේ මොකක්ද කියලා.

දැන් අපේ අම්මා මට පුංචි කාලේ බැංකු පොතක දාලා තිබ්ලා අවු 18 වෙද්දි ගන්නකොට රු67000ක් තිබ්බා ඔන්න ඔච්චරයි මට සන්තකේටම තිබ්බේ .අපි සල්ලි කාරයෝ නෙවේ දුප්පත් මනුස්සයොනේ.

මම කොහොමහරි මේක 1ලකෂයකට වැඩි කරගත්තා උත්සහ කරලා.පස්සේ මම මේක ස්ථාවර නැත්පතුවක් දැම්මා

බැන්ක් ඔෆ් සිලෝන් එකේ (ලංකා බැංකුව)---- මම ඊයේ පෙරේදා බැංකුවට ගිහින් මේ අන්තර්ජාල පේ මන්ට්ස්
ගැන අහද්දි එයාලා මට කදිම විසදුමක් දුන්නා.සුපිරි අයිඩියා එකක්.
ඔන්න ඕක ගැන කියන්න තමයි මම අද මේ ඩොක් එක ලියන්න හිතුවේ. 
මුලින්ම මේ පහසුකම හැම බැංකුවක්ම ලබාදෙයි. දන්නවනේ විනිමය අනුපාතික අඩු වන්නේ රජයේ බැංකු හා එච් එන් බි බැංකුවයි -- නිසා බැංකු 3න් මම අහලා බැලුවා එයාලා එහෙම දෙන්න කැමතියි කිව්වා.


ඔයාලත් වැඩි විස්තර සදහා මේ පහල තියන අංක වලට අමතා දැනගන්න.

1.මහජන බැංකුව-0112-490490
2.ලංකා බැංකුව-0112-541932
3.එච් එන් බි බැංකුව-0112-671955


මම කියන්නම් ලංකා බැංකුව පිලිබදව


මගේ රු ලකෂයක ස්ථාවර තැන්පතුවකට එයාලා මට ඒක ඇපයක් වශයෙන් තියාගෙන මට එම මුදලින් 100%ක් හෝ 90%ක් මුදලක් සදහා ණයපතක් (CREDIT CARD)
නිකුත් කරලා දෙන්නම් කිව්වා දවස් 5කින්


වැඩේ හොදයි නේද.





2.සාමාන්යෙයන් අපිට රු 100000 ණයපත්(CREDIT CARD) ඇති ඊබේ සදහා.          

ඉස්සෙල්ලා කියන්නේ සම්පත් බැංකුව නම් නිකමට වත් ගන්න එපා.
මමත් මෝඩ උනා මුලින්ම සම්පත් ගත්තනේ   මමත් ගොනා වගේ ගත්තා.
අද වෙනකොට සම්පත් එකෙන් මම රු ලකෂ 5වැඩිය පේ මන්ට් කරලා! එච්එන්බි කරානම්

රු 50000ක් විතර ඉතුරුයි.

දැන් ඉතින් මම එච්එන්බි එක්ක තමා යන්නේ.

දැන් බලමු වැඩේ

2.ඔයාලගේ ස්ථාවර තැන්පතුව හෝ සාමාන් තැන්පතුවක් වුවද රදවාතබා(HOLD) මේ වැඩේ කරන්න පුලුවන්.
අපි ණයපත්(CREDIT CARD) ගන්නේ මුලු ජිවිත කාලය පවත්වන්න නිසා පොලි වැඩි ස්ථාවර තැන්පතු වල නිසා ස්ථාවර තැන්පතුවක්ම අරගන්න.

2.දැන් ඉතින් කරන්න තියෙන්නේ අදාල අයදුම්පත පුරවලා. අර මුදල ඇපයක් වශයෙන් තියලා ණයපත්(CREDIT CARD) ගන්න එක දවස් 5කින් ලැබේ . සමගම අන්තර්ජාල බැකු පහසුකමත් ගන්න .එච් එන් බි නම් නොමිලේ නිකුත් කරනවා.

එල දැන් කට්ටිය කාඩ් එකක් අරන් පේ පැල් ලින්ක් කරන්න.නැත්නම් මේ ලංකාවේ තියන කඩවල් වලින් භාණ්ඩ ගන්න පුලුවන්.





3.දැන් බලමු ණයපත්(CREDIT CARD) ඇති වැදගත් කම හා ඒවායේ දැනගතයුතු දේවල්          

1.)ණය පතක  යම් ගෙවීමකදි රජය 1%ක් බදු මුදලක් අය කරනවා
උදා- ලක්ෂයකට රු 1000ක් පමණ.  

2.) නැවත මුදල් ගෙවීම සදහා බැංකුව දින 52 කාලයක් ලබාදේ
මෙය බැංකුවෙන් බැංකුව අනුව වෙනස්විය හැක.

3.)බිල්පතක කාලය දින 30කි.

4.)දින 52ක් වන්නේ ඔබගේ බිල්පත ආරම්භ වන දිනයේ සිට මිසක් බිල්පත අවසාන වන දිනයේ සිට නොවේ.


ඔන්න කට්ටියට තේරුනු නෑ බැරිදෙයක් තියනවනම් සිංහලෙන් ඊබේ. ග්රුප් එකට සෙට් වෙලා.
මට ඇමතුමක් අරගෙන අහගන්න-0716-505000

උදා-ඔබගේ බිල්පත ආරම්භ වන්නේ සෑම මසකම 01 දින සිට 30 වෙනි දින දක්වා නම්.

30 වෙනි දින ඔබට ඔබේ බිල්පත මුදුණය වි ලැබේ. ඉන්පසු දින 22 කාලයක් දක්වා ඔබට මුදල් ගෙවීම කලහැක.

කාලය තුල පොලි රහිතය. මම කිව්ව දින 52ක් වන්නේ අපිගත්ත භාණඩය 01 ගත්තා නම් අපිට ගෙවීමට දින 52ක් තියන බවයි. නමුත් අපි ගත්ත භාණ්ඩය 30 ගත්තොත් අපිට ගෙවන්න දවස් 22යි තියෙන්නේ මෙන්න මේ නිසා යාලුවනේ බිල්පත් පටන් ගන්න දවසෙම මිලදි කරගත්තා නම් අපිට වාසියි.

5.)මේ දින 52 කාලය ඇතුලත පොලි නැත නමුත් දින 52ක් ඉවර වු පසු 2% මාසික පොලියක් අයකරයි.සමහර බැංකු දඩයකුත් අය කරයි.
උදා-ලංකා බැංකුව රු 500 දඩයක්.
                                            


6.) වගේම ණයපත්(CREDIT CARD) ආරම්භ කිරීමට එක එක බැංකු යම් යම් ගනන් අයකරයි.එච් එන් බි නම් නොමිලේය.

7.) වගේම කාඩ් එකට වාර්ෂික ගාස්තුවක් අයකරයි. එච් එන් බි නම් ගත්ත වෙලාවෙම රු 1000 මුදලක් ලංකා බැංකුව නම් රු 750 හෝ 1500ක් මාස 11කින් පසුව අය කරයි. බැංකු අනුව වෙනස් විය හැක.

දැන් කට්ටයට පැහැදිලිව නැති ඇති අර 750 කතාවයි 1500යි කතාවයි .
රු 750ක් 50000 අඩු ණයපත්(CREDIT CARD) සදහා ඊට වැඩි ණයපත්(CREDIT CARD) සදහා
රු 1500ක් අය කරයි.
  
8.) තවත් දෙයක් අපි යම් මාස වල භාණ්ඩ නොගෙන හිටියොත් මොකද වෙන්නේ මොනවහරි අයවෙයිද?

@මහජන බැංකුව නම් අපිට යම් මාසයක අවම වශයෙන් ගනුදෙනු කලයුතු මුදලක් පනවයි.
එය රු 1000ක් 2500ක් ව්ය හැක. ඒවා ඉතින් ගෙදරට එන බිලට දාගන්න පුලුවන්නේ.(දුරකථන)

@ලංකා බැංකු නම් මාසේ මොනවත ගනුදෙනු නැත්නම්. ස්ටේට්මන්ට්(බැංකු සැසදුමක්) එකක් එවන්නේ නැත
කිසිදෙයක් අයවෙන්නේ නැත. එච් එන් බිත් එහෙමයි.

9.)නමුත් අපි කාඩ් එක පාවිච්චි නොකරනවානම් අපේ වාර්ෂික ගාස්තුව අයිවෙලාද යන්න ගැන විමසිලිමත් විය යුතුයි මන්ද එය අයවෙලා අපි නොදැනුවත් උනොත් මුදලට පොලි සහ දඩ අයිති වන නිසා.


10.)අපි ගාව තියන කාඩ් එක රු 100000ක් එකක් නමුත් අපි 200000ක් ගෙවන්න තියනවා ගෙවන්නේ කොහොමද -

පුලුවන් කාඩ් එකට ගෙවන්න කලින් අමතරව තව ලක්ෂයක් තැන්පතු කර ගෙවිය හැක.

ඒවායින් යම් ඉතුරුවීමක් තිබුනොත් එය නැවත ලබාගත හැක. උදා-ලකෂයෙන් 25000ක් පමණ

11.)කොහොමද මේක වාසි වෙන්නේ

උදා- අපි ගන්නවා මොබයිල් ෆෝන් එකක් ඊබේ එකෙන් රු24000කට එල ඕක ගන්නේ 01දා
අපිට ගෙවන්න දවස් 52ක් තියනවා එතකොට අපි මේක ගෙනල්ලා විකුණලා ලාභයකුත් අරන් ආපසු මුදල බැංකුවට දැමිය හැක

වාසිද? නැද්ද?

එතකොට බැංකුවේ මුදලින් අපි ලාභගන්නවා. අමතක කරන්න එපා අපි අර දාපු ස්ථාවර තැන්පතුවට ලැබෙන පොලියත් ලෙසම ලැබෙනවා කිසිවක් අඩුවෙන්නේ නෑ.

12.) අන්තිම කරුණ සමහර අය කියනවනේ මේ ණයපත්(CREDIT CARD) හැක් වෙනවා කියලා?

නැ පේ පැල් ලින්ක් කරා නම් කවදාවත් හැක් වෙන්නේ නැ.


ඉවරයි ඉවරයි ඉවරාාාාාායි----------------------------------


ඉවරයි කිව්වට ඉවර නෑ තව තියනවා. හික්ස්


13.)දැන් අපි දන්නවනේ භාණ්ඩයක් අපි ලංකාවෙන් ගන්නකොට රු 60000යි වාරික 60කින් ගෙවිය හැක කියලා ඔය පත්තරේ එක එක ඇඩ් දාලා තියෙන්නේ.

ඒවගේ සිදුවන්නේ මෙසේයි ---අපි ගත්තොත් ලකෂයක කාඩ් එකට රු 50000 භාණ්ඩයක් අවස්ථාවේදිම බැංකුව විසින් මුදල අපේ ණයපත්(CREDIT CARD) අත්හිටවනවා. පස්සේ අපේ මාසික බැංකු සැසදුමට, අපිට මාසික වාරිකය එකතු වෙලා ලැබෙනවා- අපි වාරික 60 ගෙව්වට පසුව තමා අපේ අර රු 50000 නැවත ලබා දෙන්නේ. හික්

14.)තව දෙයක් ඔය ණයපත්(CREDIT CARD) වලින් යම් මුදලක් අපිට සල්ලි බවට පත්කරගැනීමේ හැකියාවක් තියනවා සාමාන්යෙයන් රු 50000 ණයපත්(CREDIT CARD) රු 25000ක් වගේ මුදලක් අපිට නැවත ලබාගැනීමේ පහසුකම තියනවා.

එය ATM යන්ත්‍රයකින් උවද ලබාගත හැක.


15.) වැදගත්ම කරුණ අපි මුලින් දාන්නේ අර රු ලකෂය ස්ථාවර තැන්පතුව දාන්නේ වසර 5කට.

නමුත් අපිට ණයපත්(CREDIT CARD) මුලු ජිවිත කාලයම පාවිච්චි කරන්න ඕනි --දැන් මොකද කරන්නේ


හක් හක් හික්.

ආපහු අපිට අර ස්ථාවර තැන්පතුව නැවත දාන්න අවශයද ? නැත නැත නැත
අපි එච් එන් බි එකක් නම් අපිට කිසි අවුලක් නෑත.

අපි ගිය අවුරුදු පහේ -අපි නිසිලෙස නිවැරදිව අපේ කාඩ් එක පවත්වාගෙන ගොස් ඇත්නම් අපේ ලිමිට්(සීමාව) වැඩි කර ඒවගේම ඇපයත් අයින් කර අපිට කාඩ් එකක් නියම ජෙනුයින් ජෙන්ට්ල්මන් කෙනෙක් විදහට ලබාදෙනවා.

එතකොට ලකෂය ලකෂ 2 විය හැකිය.

වගේම ශිෂයන්ට දෙන පහසුකම් විභාග වලට ගෙවීමේදි (CIMA) වැනි ඒවට අඩු විනිමය අනුපාතික උවද ලබාගත හැක.

ඔන්න ඕකයි කතන්දරේ -----ඊබේ වලින් යාපාර යෙදෙන අයට--මේක හොද කදිම විසදුමක්.


එහෙනම් අදට ඇති.
උදිත චතුරංග.



               

4 comments:

  1. hodai machan niyamai karagena ayanna///////

    ReplyDelete
  2. එල මචන්..................නියමයි..........(Y)

    ReplyDelete
  3. නියමයි!
    ගොඩක් හොඳ ලිපියක්.

    ReplyDelete
  4. සම්පත් බැංකුවේ අවුල මොකක්ද? අර hnb එකෙන් ගත්තනම් 50,000 විතර ලාබයි කිව්වේ?

    ReplyDelete