Thursday, April 5, 2012

අලුත් අවුරුද්දේ අපි.

 තෙරුවන් සරණයි!

2012-මාතෘකාව
අලුත් අවුරුද්දේ ඊබේ සෙලින් දොරටුව විවෘත කරමු.
අනුරාධපුරේ තඹුත්තේගම අපි- ඒ දවස්වල 5හේ ශිෂත්වය සමත් වෙලා ----ගියා ලොකු පාසලකට --දන්න කියන අපේ පලාතේ අනුරාධපුර මධ්‍ය විද්‍යාලයට ---ඉතින් ගියාම අමුතුයි අපේ ගමේ ඉස්කෝලේ තිබ්බේ ගොඩනැගිලි 2-3 විතරයි හරි හමන් වැසිකිලියක් වත් තිබ්බේ නැ---අලුත් ඉස්කෝලේ ගියාම මාලිගාවක් තමයි ---ඉතින් පැරණි ක්‍රමේටම අපි --අපේ තිබ්බු අධ්‍යාපන රටාවට ඉගෙනගත්තා --සාමාන්‍ය පෙලත් පාඩම් නොකර ඉදලා ඒ7යි බි2 සි 1 අරන් පාස් උනා--තාමත් අපි ගමේ --පරිගණක දැනුම ගැන මෙලෝ දෙයක් දන්නේ නැ---

ඉතින් සාමාන්‍ය පෙල පාස් උනාම ---පරිගණකයක් ගෙදරින් අරන් දුන්නා --ඒත් ඉන්ටර්නෛට් ගිහිල්ලා තිබ්බේ නැ---ඒකෙන් දන්න නැති දේවල් ඉගෙනගත්තා---

පස්සේ විභාගේ ලිව්වා --දෙසැරයක් කරේ මැත්ස් පිස්සු කෙලපු නිසා විභාගේ ෆේල්--

මොනවා කරන්නද පස්සේ මාස 6ට කලා කරා

කරේ 1.කෘෂි විද්‍යාවයි
2.ජෛව සම්පත් තාකෂණවේදයයි.
3.ආර්ථික විද්‍යාව

කොහොමහරි එසඩ් ලකුණු 1.4 අරගෙන ---විශ්විද්‍යාල යන්න සුදුසුකම් ලැබුවා---

ඉතින් ගිය අවුරුද්දේ ---මේ ඊබේ ගැන දැනගෙන සෑහෙන ආසාවකින් --ඉන්ටර්නෙට් යන්න හැදුවා ඩොන්ගල් එකක් ගෙනල්ලා සිග්නල් නැැැ----පස්සේ ඇන්ටනාවන් ගෙනල්ලා ඔතලා බැලුවා --
පොඩ්ඩක් හරි ගියා ----ඕකෙන් තමා ඉන්ටර්නෙට් ආවේ මාස 6ක් --සමහර වෙලාවට ස්පිඩ් එක කිලෝබයිට් 8-9යි

උත්සහ කරා වෙන්දේසියක් ලංසුවක් තියන්න වත් ඉන්ටර්නෙට් ස්පිඩ් මදි --රෑට තිබ්බු වෙන්දේසිගොඩක් මග හැරුනු ඒ නිසා--

නමුත් දෙසැම්බර් 15 වෙනිදා ඒඩිඑස්එල් ලයින් එකක් හම්බවුනා -- දැන් සෑහෙන්න හොදයි--

ඒ නිසා බ්ලොග් එකක් හදලා ඔයාලට --දැනුමකුත් එකතු කරන්න පුලුවන් උනා--

මම ෆේස්බුක් එකවුන්ට් එකක් හැදුවේ ------2010-10 ව්තර මම හැබැයි එන්නේ මාස 1 විතර මොකද මට චැට් කිරිල්ලා එපා උනා ඒ දවස්වල නම් හිටියේ යාලුවෝ 90 විතර අද 1700 විතර ඉන්නවා--

ෆේස්බුක් ගිණුම එන්න හේතුව තමා පරිගණක උදව් එක --සහ ඊබේ එක -- මම පරිගණක උදව් සමාජයට සම්බන්ධ වෙනකොට සාමාජිකයෝ හිටියේ --29000 විතර අද 90000 විතර ඉන්නවා--

ඒ දවස්වල මට ගොඩක් උදව් කරා --උදය ජාලියගොඩ යාලුවා ---තංගල්ලේ
තුෂාර අර්ජුන මල්ලි

ඒ දෙන්නට ස්තුතියි

2011-හරියටම 06-30 වෙනිදා මම නොදැනුවත්ම මගේ උපන්දිනය දවසේ ඊබේ ගිණුමක් ඇරඹුවා.
අදට මාස 9 වැඩි දැන් ගිණුම් දෙකක් තියනවා එකක ප්‍රතිපෝෂක 130 පමණ තියනවා--

ඉතින් මම මේ කිව්වේ ජිවිතයේ සිදුවුන දශමස්ථානයක්.

2011--අවුරුද්ද අපි වෙනස්කරමින් ඊබේ කියන එකත් සම්බන්ධ වුනා --
* එයින් අපි දැනුමක් ලබාගත්තා
*මුදල් උපයාගත්තා-
*දන්න දේ කියලා දුන්නා
*අපිත් ප්‍රයෝජන ගත්තා

මේ ග්රුප් එකෙන් ඊබේ ගැන දැනගෙන අද පැත්තට වත් එන්නේ නැති අය ඇති--නමුත් මම හැමදාම මේ ග්රුප් එකේ අයට උදව් කරනවා-
මම ජංගම දුරකථන අංකය පවා දෙන්නේ උදව් කරන්න කැමති නිසා
මම නිදාගෙන ඉද්දි රැ12 විතර එන කෝල් වලට උත්තර දුන්නා
මට ආපු කෝල්ස් ගැන මේ කට්ටිය දන්නවා ඇති---ගත්තු අය එහෙම---

ඉතින් අපි ඒ අවුරුද්ද වෙනස් කරා

අද මේ මාස 9ට මම ඊබේ එකෙන් විතරක් හොයපු මුදල් ලකෂ 2ක් විතර තියනවා--ඒවා ඉතුරුයි
අනික මම ජිවිතෙට අන්තර්ජාලය හරහා මුදල් උපයලා නැ තඹ සතයක් වත්.
මොකද මට තාම තනිකඩ නිසා ගැහුණලමයි නැති නිසා-
මත්ද්‍රව්‍ය පාවිච්චි නොකරන නිසා --පන්සිල් රකින නිසාත්--

මේ ග්රුප් එකේ ඉන්න චන්දන සමරවික්‍රම යාලුවට අවු 4 විතර ඊබේ ගැන අත්දැකීම් තියනවා--
එයා හොද වැඩ්ඩෙක්--

ඉතින් අපි ඒ ඊබේ ගැන ඉගෙනගත්තා වගේම තව අමතර දැනුමට රේගුවට.විදේශ තැපැල් ක්‍රම.දේශිය තැපැල් ක්‍රම-

ඉතින් අපි එක අවුරුද්දක් අලුත් උනා --අලුත් දෙයකින් ඒ ඊබේ බයින් ක්‍රමය ගැන

අද දැන් අප්‍රෙල් 13 වෙනි දින -අලුත් අවුරුද්දක් උදා වෙලා තියනවා --එහෙනම් අපි අලුත් දෙයක් ආපහු කරන්න ඕනි යැයි කියලා ඔයාලට හිතෙනවා ඇති---

අපි මේ අවුරුද්දේ ඊබේ සෙලින් ගැන අලුත් යමක් කරමු ---අනිවාර්යයෙන්ම
හැමෝම මේකට තමන් දන්න දෙයක් ගැන දැනුම එකතු කිරීම හා ග්රුප් එකේ යාවත්කාලින වීම වැදගත්---------

-----අපි ඊබේ සෙලින් මාවත විවෘතකරගමු-------

එහෙනම් ග්රුප් එකේ හා මට --ගොඩක් අය සුභ පතලා තිබ්බා ඒ අයට ස්තුතියි.
මගේ ජංගම දුරකථන අංකයට -සුභ පැතු සියලු දෙනාට ස්තුතියි-
ඒ වගේම මුස්ලිම් හා ක්‍රිස්තියානි අයට අවුරුදු සැමරුවේ නැතත් ඒ

අයට වගේම-
සියලු දෙනාට සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!------

^^^අලුත් අවුරුද්දේ
අලුත් විදිහට
අලුත්අදහසකින්
අලුත් දෙයක්

කරන්න ඔබ සැමට ශක්තිය ධෛර්යය ලැබේවා--

මම උදිත චතුරංග.

ඇඩ්මින් --සිංහලෙන් ඊබේ ග්රුප්.
උදිතගේ අලවංගුව බ්ලොග්.
ශ්‍රි ලන්කන් ෂොප් ග්රුප්.
ලංකාවේ අංක 1 ග්රුප්.
නෝ බෝතල් ෆුල් ආතල් ග්රුප්.
මංගල කිංකිණි ග්රුප්.
මයි සෝනි එරික්සන් ග්රුප්.

0 comments:

Post a Comment