Friday, May 11, 2012

ඊබේ ඇති වෙන්දේසි වලට නිවැරදිව ලංසු තැබීම.

        සියලු දෙනාට තෙරුවන් සරණයි!

                 
දීර්ඝ නිහැඩියාවකට පස්සේ ආයෙත් බ්ලොග් එක පැත්ත එන්න පුලුවන් උනා පසුගිය දවස් වල කරදර ගොඩක් උනා -
විශේෂයෙන් පේ පැල් ගිණුම ලිමිට් උනා --සල්ලිත් එක්ක කියලා වැඩක් නෑ ඒනිසා මුලින්ම පොඩි දෙයක් කියන්නම් ඔයාලා පිටරටක විදිහට පේ පැල් එකක් හදනවනම් ලොකු මුදල් ගිණුමට ගෙන්නගන්නේ නැතුව පාඩුවේ මාසෙකට 2-3 හිමීට විත්ඩ්‍රො( ලබාගැනීම්) කරගන්න.

ඉතින් යාලුවනේ ඊබේ මුලික හැදින්වීමේ අවසාන මාතෘකාව -----------
ඊබේ හි ඇති භාණ්ඩයකට නිවැරදිව ලංසු තැබීම .
ඉතින් අවසාන මාතෘකාවෙන් වැඩේ ඉවරවෙයි--




වැඩිය කතා නැතුව වැඩේට බහිමු
මුලින්ම ඊබේ ජනප්‍රිය වෙන්න ප්‍රධාන හේතු මෙහි ඇති භාණ්ඩ විවිධත්වය හා වෙන්දේසියි. මොකද ලොකයේ වෙන්දේසි ඇත්තේ මේ ඊබේ කියන වෙබ් ලිපිනයේ පමණයි.


1.වෙන්දේසියක් යනු?
තමන්ට කැමති පරිදි තමන්ට අවශ්‍ය දේ ලබාගත හැකි විකුණුම් ක්‍රමයකි.මෙහි සාමාන්‍ය නම් යම් භාණ්ඩයක වටිනගාන, එක එක ගැණුම්කරුවන් විසින් තක්සේරු කර තමන්ට අවශය පරිදි ලංසු තබා ඉල්ලීමයි.....

ඈවරයි -දෑවරයි ---තුන් ඈවරයි.     

     


ඊබේ හි නම් එම ක්‍රමය කිරීමට නොහැකි නිසා -- නිශ්චින කාල පරාසයක් තුල වැඩිම ලංසුව තියන කෙනාට එම භාණ්ඩයේ අයිතිය හිමිවේ.

වෙන්දේසියකට ලංසු තැබීමට මුලින්ම.

1.එය ලංකාවට දෙන භාණ්ඩයක් ද කියලා බලන්න. නැත්නම් ලංසු තියන්න යන්න එපා .
2.එම භාණ්ඩය ලංකාවට නොදෙයි නමුත් ඔබට ඒක අවශ්‍යම නම් ඔබට සෙලර්ට මැසේජ් එකක් දාලා බලන්න ලංකාවට දෙන්න කැමතිද නැව්ගාස්තු කීයක් යනවද කියලා.
3.අනවශ්‍ය ලෙස සෙලර්ට බලපෑම්කරන්න එපා එහෙම උනොත් ඔවුන් භාණ්ඩ ලංකාවට එවන්නේ නැති වේවි.ඒවගේම ආයේ කවදාවත් කාටවත් ඔවුන් ලංකාවට එවන්නේ නැති වේවි.

2.එහෙනම් බලමු වෙන්දේසියකට ලංසු තබන ආකාරය.

මුලින්ම තමන්ට අවශය කරන දේවල් තෝරා ඒ පිලිබද අවධානය යොමුකරන්න
පාවිච්චි කල අයිතමයක් නම් හොදින් විකුණුම්කරු දී ඇති ලිස්ට් එක කියවන්න. සමහර ෆෝන්වල පාවිච්චි කරන ලද කිව්වට පහලින් විකුණුම්කරු විසින් වයිබ්‍රේට් වැඩකරන්නේ නැ වැනි සදහන් යොදා ඇත.
මම නම් තෝරගත්තේ නොකියා N8 එකක්.  




ඉතින් හොදට හොයලා බලලා මොකක් හරි තමන්ට කැමති එකක් තෝරගන්න. ඔන්න මම නම් එකක් තෝරගත්තා ඒකේ තියන වැදගත් කරුණු
රූපසටහටනෙන් විස්තර කර ඇත. 




කට්ටයම බලන්න ඇති බලන්න ඕකේ බිඩ් ප්‍රමාණය කියලා එකක් තියනවා අන්න ඒක පොඩ්ඩක් ක්ලික් කරමු නේද?  දැන්  
ඔයාලට පෙන්නනවා නේද බිඩ් හිස්ටර් කියලා එක්ක අන්න එතන මේකට යම් යම් ගැණුම් කරුවන් යොදනු ලැබු ලංසු පෙන්නනවා ඇති. එතන තියන අනිත් කොටසුත් ක්ලික් කරලා බලන්න.


                                   

3.ලංසු තැබීම.

යන්න මුල් රූපයට එතන තියන හිස් කොටුවේ ඔබට යොදන්න ඕනි අගය ඇතුලත් කරන්න .(එතන පොඩි පණිවිඩයකින් දිස්වෙයි මෙන්න මේ ගණනට වැඩිය ඇතුලත් කල යුතුයි කියලා)
ඔන්න මම නම් ගානක් ඇතුලත් කරා බලන්නකෝ.


                                    

ඔන්න වැඩේ හරි පස්සේ මෙන්න මේ වගේ රූපයක් එයි වැඩේ හරි නම් අපි යොදපු ලංසුව ස්ථාවර උනා කියලා.


                                                                      


එහෙනම් වැඩේ ගොඩේ ගොඩ - දැන් ඉතින් කට්ටයම යන්න
සමරි (Summery ) එකට එකේ අන්තිමේට ඇති බිඩ්(Bid) කොටසක්.
එතන දිලිසි දිලිසි ඔබතුමාලා  තුමියලා ලංසු තබපු භාණ්ඩය ඇති.




එහෙනම් දැන් වැඩේ හරි දැන් බලමු.

4.ඇතුලත් කල ලංසුව ඉවත් උනොත් හා ඇතුලත් කිරීමට නැති උනොත්.

බලන්න මේ රූපය දිහා  




නැවත නැවත ඉදිරයට ලංසුව ඉවත් වන තුරු ලංසු තබාගෙන යන්න.
ඔබට යම් භාණ්ඩයක් ගන්න අවශයි නම් ඔබ -ලංසුව අවසාන තත්පර 5 තුල වැඩි ගනනක් ලංසුව තියන්න.

උදා- අවසාන තත්පර් 5 ලංසුව තියෙන්නේ ඩොලර් 45 විතර නම් ඔබට අවශය නම් ඔබ ඩොලර් 60 පමණ ලංසුවක් තියන්න එවිට අනිවාර්යයෙන් ඔබට අවශය දේ ලැබෙයි.

අන්තිමේට සමහර ඒවට බිඩ් කරන්න යාමේදි ඒවා බ්ලොක් කියලා වැටෙයි ඒවට අපිට බිඩ් කරන්න බැරිය.
අන්තිමේට දැන් ඉතින් ඊබේ ගැන මුලීක කරුණු සියල්ල අවසානයි .

දැන් ඉතින් සියලු දෙනාට ඊබේ වෙතින් දිගු ගමණක් යාමට මම සුභ පතමි.  

මම- උදිත චතුරංග.
සිංහලෙන් ඊබේ ෆේස්බුක් කණ්ඩායම.  (0716-505000)


                                                                                                                                                                                                                                                                                                                                   

9 comments:

  1. oya thiyenne serama pahadiliwa

    ReplyDelete
  2. එල එල ඔහොම යං. දිගටම බ්ලොග් එක කරගෙන යන්න සුභ පතනවා මචන්

    ReplyDelete
  3. ස්තුතියි යාලුවනේ.

    ReplyDelete
  4. wow nice lecture machanz....!!!! thnks. :)

    ReplyDelete
  5. එල ‍කොල්ලෝ එල....

    ReplyDelete
  6. දෑන් නම් බොලොග් එක පට්ට.දිගටම කාරගෙන යන්ඩ මාත් සුබ පතනවා

    ReplyDelete
  7. thanks machan well done.. vry clear machan thanks agein.

    ReplyDelete