Saturday, June 2, 2012

පේ පැල් ගිණුමක් ලිමිට් උනා නම් ඒක අයින් කරගන්න දන්නවද?

තෙරුවන් සරණයි!

                         

මේ දවස් වල උදිත චතුරංගට අසනීප වෙලා නිසා කරන්න දෙයක් නැති නිසා ..වැඩියෙන් බ්ලොග් එකට කාලය ගත කරන්න පුලුවන්. ඒ නිසා ඊයේ දාපු පෝස්ට් එකේ ඉතිරි කොටස අද දාන්න කියලා මම තීරණය කරා.

පේ පැල් ගිණුමක් ලිමිට් උනා නම් ඒක අයින් කරගන්න දන්නවද?

දැන් සමහර අය නම් ගිණුම ලිමිට් උනාට පස්සේ ඒක අතෑරලා දාපු අයත් ඇති. තවත් අය කොහොමහරි දුක් මහන්සියෙන් ඒ ගිණුම හදාගන්න ඇති. ඒ අයටත් සියලු දෙනාටත් මේ කරුණ වැදගත් වෙයි කියලා මම හිතනවා.

මුලින්ම අපි දැනගන්න ඕනි පේ පැල් ගිණුම් වර්ග 2ක් තියනවා මේ ගිණුම් ලිමිට් උනාම අපිට ගන්න පුලුවන් ක්‍රියාමාර්ග මොනවද කියලා.

1.වෙරිෆයි කරන ලද(සත්‍යාපනය කරන ලද) ගිණුම.
2.වෙරිෆයි කරන නොලද(සත්‍යාපනය කරන නොලද)ගිණුම.

                                                    
                                                     

ඒ ගැන වෙනම කොටස් 2කින් අධ්‍යනය කරමු නේද.
මුලින්ම අපි දැනගමු පේ පැල් ගිණුම ලිමිට් උනේ කොහොමද කියලා හොයාගන්නේ කියලා.

ඔයා පේ පැල් ගිණුම සම්බන්ධ කර ඇති ඊමේල් ලිපිනයට පේ පැල් විසින් හේතු දක්වමින් ගිණුම ලිමිට් කරා කියලා එනවා -ඒ වගේම එහි ඔබට ඇති කේස් නම්බර් එකත් එනවා අන්න ඒක වැදගත්, ඒක වැදගත් වෙන්නේ කොහොමද කියලා පසුව ඔබට තේරුම්ගන්න පුලුවන් වෙයි.

පහත පින්තුර වලින් පෙන්වන්නේ ලිමිට් කළ පේ පැල් ගිණුමක්.





ලිමිට් කල පසු ගිණුමට ලොග් වෙනකොට රතු පැහැයෙන් පෙන්වයි.
පසුව එතනින් රෙසුලූෂන් සෙන්ටර් කියන එක ක්ලික් කරන්න.බලන්න ඔයාලට 

විවෘත වී ඇති කේස් මොනවද කියලා.
සමහර අයට නම් ඇඩ්රස් සත්‍යාපනයක් ඇති.සමහර අයට නම් 10ක් විතර සත්‍යාපනයක් ඇති ඒ නිසා භයානකයි වැඩේ.   





මුලින්ම අපි බලමු වෙරිෆයි නොකරපු එකක් ලිමිට් උනොත් සත්‍යාපනය කරන්න අහන දේවල් චුට්ටක් පහත රූපයෙන් දක්වා ඇත.





බලන්නකෝ කොච්චර තියනවද සත්‍යාපනය කරන්න මේ ගිණුමක් මේ ආත්මේදි ගොඩ ගන්න බෑ අන්න ඒ නිසා තමයි කිව්වේ සුද්ද සිංහලෙන් ගිණුම වෙරිෆයි කරගන්න කියලා.

දැන් බලමු වෙරිෆයි කරපු ගිණුමක් ලිමිට් උනොත් මෙනවද ඉල්ලන තොරතුරු කියලා.

මම පහත දාලා තියනවා එක එක වර්ගයේ ගිණුම් වල පින්තුර ටිකක් ඒවා දෙස හොදට බලන්න එතකොට තේරෙයි මොකක්ද කේස් එක කියලා.
සාමාණයයෙන් නම් ගිණුම ලිමිට් උනාම අහන්නේ ඇතුලත් කර ඇති කාඩ් එක 

1.වෙරිෆයි කරන්නයි
2.ඇඩ්රස් වෙරිෆයි කරන්නයි.        








දැන් බලන්නකෝ  එක එක ගිණුම් වලට ඉල්ලන්නේ එක එක ජාතියේ අයිටම් නේද
අනික ලිමිට් කරලා තියන විදිහ --සමහර ඒවාගේ Send Refunds බෑ අනික් ඒවගේ පුලුවන් ඒක ලිමිට් කරන්නේ පේ පැල්ට ඕනි විදිහට තමා යාලුවනේ.

නමුත් ඇඩ්රස් එක වෙරිෆයි කරපු ගමන් ස්වයංක්‍රිව කාඩ් එකත් වෙරිෆයි වෙයි ඒ නිසා කාඩ් එක බයවෙන්න එපා නිවැරදිව පේ පැල් ඇඩ්රස් එකට රට අවශය නෑ -කරන්න තියෙන්නේ පේ පැල් එකේ තියන ඇඩ්රස් එක කාගේ හරි ඩයලොග්(අනිවා ඩයලොග් වෙන ඒවා එපා) බිලකට ඔයාගේ ඇඩ්රස් දාලා පොටෝෂොප් වලින් හදලා යවන්න කිසිම අවුලක් නැතුව දවසකින් 2කින් වැඩේ ගොඩ යයි.
එහෙම නැති වුනොත් පේ පැල් වලට සම්බන්ධ කරගන්න ඕනි ඒ වගේම ඔබට විශේෂ කාරණාවක් සදහා ඔවුන් සම්බන්ධ කරගන්න ඕනි නම් ඊමේල් එකක් හෝ කෝල් එකක් ගන්න අවශ්‍යයි ඒ ගැන තොරතුරු මම පහතින් ලබා දෙන්නම්.




ඒ වගේම අපි අනිවාර්යයෙන් පේ පැල් ගිණුම හදනකොට ජාතිය ශ්‍රි ලාන්කික දාලා තියෙන්නම ඕනි.

ඒ වගේ පේ පැල් ගිණමු ලිමිට් උනු දවසේ ඉදන් ඔවුන් දවස් 10 තුල තමා අපේ ගිණුම ගැන බලන්නේ ඒ දවස් 10 ඇතුලත අපිට තොරතුරු ඉදිරිපත් කරගන්න බැරි උනොත් අපි පේ පැල් කතා කරලා කියන්න ඕනි ආපහු මේ ගැන බලන්න කියලා.
මුලින්ම ඔබගේ ගිණුමට ලොග් වෙන්න එහි අන්තිමට යන්න එහි ඇති
Contact Us කියලා එකක් අන්න ඒක ක්ලික් කරන්න.   




දැන් ඉතින් එනවා අපි කොහොමද සම්බන්ධ කරගන්නේ කියලා ඒකට අපිට හුරු පුරුදු ඊමේල් එකකින් යන විදිහ අපි බලමු.





දැන් ඔබට ලැබෙයි මාතෘකා 2ක් අන්න ඒකෙන් අදාල මාතෘකාව ලබාගන්න.




මම පහත දැක්වෙන ආකාරයට මම හිතන්නේ අදාල මාතෘකා තෝරගන්න ඇති කියලා


                                                        


දැන් මම මුලින්ම කිව්වා නේද ඔයාගේ කේස් අංකය අන්න ඒක මේතන හිස් කොටුවට ඇතුල් කරන්න.අන්තිමේට සබ්මිට් කරන්න .
එවට ඔවුන් කියයි දවස් 2-3 මේකට රිප්ලයි එකක් දෙන්නම් කියලා ..ආවේ නැති උනොත් කෝල් එකක් ගන්න වෙනවා.


මුලින් ගිහින් කෝල් කොටස තෝරාගන්න එවිට පහත රූපය ලැබෙයි.





ඉතින් දැන් දන්න ඉංග්‍රිසියෙන් කතා කරලා වැඩේ ගොඩ දාගන්න.
බය වෙන්න එපා මමත් කතා කරලා තමයි වැඩේ කරගත්තේ.
                                 
                          -------------------------------------------------       


මෙන්න මේක තමයි මගේ කතාව,

මම හිතුවා රටේ සල්ලි රටට ඉතුරු කරලා පේ පැල් ඩොලර් එදා තියන රේට් එකට අරන් කට්ටියට සල්ලි දෙන්නම් කියලා.ඉතින් හොදට කරගෙන ගියා දෙපැත්තට වාසි හින්දා වැඩේ ජයට ගියා. ටික දවසක් ගියාට පස්සේ එකවුන්ට් එක ලිමිට් කරා ඉතින් දහඅතේ කල්පනා කරලා ඇඩ්රස් එකකට ගෙදර තිබ්බ ටෙලිකොම් බිලක් යැව්වා ඊට පසසේ බොරු කියලා තව එකක් දැම්මා පාස්පෝට් එවන්න කියලා.ඉතින් මම හිතුවා දැන්නම් එන පොට හොද නැ කියලා. ඒ නිසා මොලෙන් කල්පනා කරලා පේ පැල් පොඩි මැසේජ් එකක් දාලා මම දැන් ඉන්නේ ලංකාවේ කියලා කිව්වා.  




                                                                     ඉතින් උන් කිව්වා පාස්පෝට් එක එවන්න වැඩේ කරලා දෙන්නම් කියලා උන්ට මගේ ජාතිය බලන්න ඕනි කියලා.ඉතින් මට කොහින්ද පාස්පෝට් එකක් එඩිට් කරලා යවන්න හදලා ආයෙත් අලුතින්ම හදාගන්න ඕනි කියලා හිතලා කොලඹ ගිහින් හැදුවා එක දවසින් හදන්න රු 7500 නිසා මම ගාව එච්චර සල්ලි නැති නිසා රු 2500 දීලා සති 2කින් හදාගන්න කල්පනා කරා ඉතින් සති 2කින් ආපහු කොලඹ ගිහින්පාස්පෝට් එක අරන් ආවා . පස්සේ මම මගේ පේ පැල් නමට ඩයලොග් බිලකුත් පොටෝෂොප් පාරක් දාලා යැව්වා .ඉතින් දැන් දවස් 20 විතර ගිහින් නිසා මම අදාල දේවල් ඇතුලත් කරලා යැව්වා කියලා පණිවිඩක් යැව්වා.

දවස් 7ක් බලාගෙන හිටියා රිප්ලයි නෑ ඒ නිසා කරන්න දෙයක් නැති නිසා එකවුන්ට් එකේ රු40000 විතර තියන හින්දා කෝල් කරා දන්න ඉංග්‍රිසියෙන් කතා කරලා ඇත්ත විස්තරේ කිව්වා පස්සේ කතා කරපු කෙනා මගේ නම ඇහුවා මම කිව්වා .එච්චරයි එයා කිව්වා දවස් 2 හදන්නම් කියලා ඉතින් දවස් 1.5හදලා තිබ්බා මම තිබ්බු සල්ලිත් ගත්තා.   

ඊට පස්සේ මට කියලා තිබ්බා පේ පැල් ගිණුම් වලට බොරු තොරතුරු දෙන්න එපා කියලා. ඔයාලත් ඊමේල් යවන්නේ නැතුව එහෙම උනු ගමන් එක් කෂණික කෝල් කරා නම් ඔයාලා දාලා තියන බොරු තොරතුරු නම් ඒත් එයාලා හදලා දෙනවා මන්ද ඔවුන්ට ඕනි මේ ගිණුමට අයිතිකාරයෙක් ඉන්නවද එයා නිවැරදිව තහවුරුකරගන්න ඕනි කියන එක විතරයි.

ඉතින් ඕක තමා මගේ කතාව කෝල් කරා නම් ඔය මොනවත් කේස් නෑ. දැන් නම් මම හිතන්නේ සියලු දෙනාට මේ ලිමිට් කරන එක ගැන ගොඩක් තොරතුරු අවබෝධ වෙන්න ඇති කියලා.

මෙන්න මේ ගැන කිසිදු බ්ලොග් එකක ලියවිලා නැ ඒ නිසා මේක කිව්වේ නොදැන්න අයට දැනගන්න ඒ නිසා මේකට පණ්ඩිත වැඩ දාන්න ගිහින් තියන දේත් නැතිවෙයි අපිට. ඒනිසා මම මුලින් කිව්වා වගේ බෙටර්ප්‍රයිවසි දාලා නිවැරදිව මේ වැඩේ මොලෙන් කල්පනා කරලා කරන්න.

එහෙනම් මම ගියා.

උදිත චතුරංග.(0716505000)

අන්තිමේට මේ පහල තියන පින්තුරේත් බලලම යන්න.


                                

                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                         

4 comments:

  1. මගෙත් PayPal account එක ලිමිට් වෙලා තියෙන්නේ. මෙයාල Credit Card Statement එකකුත් ඉල්ලනවනේ එකට මොකද කරන්නේ?

    ReplyDelete
  2. එල මචන් සුපිරිය්
    … mage eka payal ekak thiyanwa Limit karala salli nam dan na $0.60 thiyenne mama sampath webcard eka add karala vrifre kara tika Ebay eken badu ganna haduwa ganna ba aida manda 2park 3n parak try kala,man hithanne salli na kiyala pennane, habai card eke 2500k thbuna, ath paypal eke $2.60 kiyala watila thibune, mama eken $2 us kara, ita passe mama add karapu card eke 2000 witara tibuna nisa mama $9 ka baandayak ganna giya ganna ba mokakda manda kiyanawa, a para mama kelinma Card eken gewala gaththa, pahuwada paypal limit wela

    ReplyDelete
  3. Ubanam yakek.mewa taniyama hoyagena mahansi wela kara madiwata tawa blog ehemata liyala kochchara loku deyakda karanne. tawa godak un meka balala yanawa. Comment ekakwat noda. Mukut hitanna epa. Apiwage untat mewa koti ganan watina blog. Thanks bro.

    ReplyDelete