Friday, June 1, 2012

පේ පැල් එකවුන්ට් එකක් ලිමිට් උනාම ඒක අයින් කරගන්නේ කොහොමද ?

        තුන්රුවන්ගේ සරණයි සියලු දෙනාට!

අද මම මේ ලියන මාතෘකාව වෙන කිසිදු බ්ලොග් එකක ලියවිලා නැතුව ඇති. මන්ද අත්දැකීම් ගොඩක් එක්ක මම මේ ලිපිය ලියන්න හිතුවේ මම හිතන්නේ දැනට බ්ලොග් එකේ දිගම ලිපිය මේක වෙයි කියලා.

මුලින්ම කියන්නේ මම මේ ලියන්නේ හුදෙක්ගේ දැනගැනීම පිණිස මිසා මේ කරුණු දැනගෙන පණ්ඩිත වැඩ කරලා ලංකාව අහුකරලා නොදෙන ලෙස සියලු දෙනාගෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි.     

පේ පැල් එකවුන්ට් එකක් ලිමිට් උනාම ඒක අයින් කරගන්නේ කොහොමද 1?

දැන් සියලු දෙනාම ඊබේ සෙලින් වලට බැහැලා හොදට කරගෙන යන බව පෙනී යනවා . ඇත්තටම හොදම අන්තර්ජාලයේ මුදල් උපයන ක්‍රමයක් තමා මේ ඊබේ බයින් සහ සෙලින් . නමුත් තියන එකම කොස්ස තමා මොකක්ද?

පේ පැල් සල්ලි ලංකාවට ගන්න  බෑනේ නේද?

ඉතින් අපි ඊබේ එකෙන් ඇහුවා පේ පැල් සල්ලි ගන්න බැරුව කොහොමද අෆ්ෆා ඊබේ සෙලින් කරන්නේ කියන්නේ.

එයාලා කියනවා ඔයාලා මනිබ්රුකස් හො මොකක් හරි නිත්‍යානුකුල ක්‍රමයක් මගින් සල්ලි ගෙන්න ගන්න කියලා ඒක ඉතින් හරියන්නේ නැනේගොඩක් අයට තියෙන්නේ පේ පැල් එකවුන්ට්නේ ඒ නිසා වැඩේ දෙල් .
අනික බයර්ප්‍රොටෙක්ෂන් හොදට තියෙන්නේ පේ පැල් නිසා කව්රුත් වෙන ඒවාගෙන් ගෙවන්න කැමති නැ නේද.  




එහෙනම් කරන්න තියෙන්නේ වෙන රටක විදිහට පේ පැල් එකක් හදන්න තමයි. හප්පා ඒකත් අවධානම් වැඩේනේ නේද ලිමිට් උනොත් නේද.
කට්ටිය වැඩිය නම් කරන්න කැමති මැලේසියා පේ පැල් නේද කමක් නැ කොහොමහරි තමන්ට කැමති විදිහට කරගන්න.

එහෙනම් ඉතින් මාතෘකාවට බහිමු නේද යාලුවනේ.

මුලින්ම කියන්නම් මොකක්ද අනේ මේ ලිමිට් කරනවා කියන්නේ?

ඊට කලින් මේ ලාංකික අපිට මේ ඊබේ කියන එක ලේසි පහසු කරපු.
1.ධනික අයියට
2.ඊබේ සෙලින් කියාල දුන්නු ආදිත්‍ය ජයසූරිය මල්ලිට
3.ඊබේ අලුත් ගමනක් යන්න හදන ශ්‍යාමින් අයේෂ් සහොදරයටත්
උදිතගේ අලවංගුව බ්ලොග් එක වෙනුවෙන් උදිත සෞම්‍ය චතුරංග හද පිරි ස්තුතිය පුද කරමි.

කිසිදු බ්ලොග් සින්ඩියක් නොදමා කිසිම ඇඩ්සෙන්ස් කිසිම බ්ලැක්ලින්ක් නැතුව හුදෙක් ආත්ම තෘප්තිය සදහා ලියන බ්ලොග් එක මේක වෙන්න ඇති. ඒ නිසා ඔයාලා ඔයාලා දන්න කියන අයට මේ ගැන කියලා එයාලා දැනුවත් කරන්න

අද වෙනකොට ඇලක්සා පේජ් රෑන්ක් සියලු වෙබ් ලිපින මගින් ලකෂ 38 වැනි ස්ථානය ගෙන දුන් සියලු දෙනාට ස්තුතියි.කිසිදු දේවල් ඇතුලත් නොකර.  


ලිමිට් කරනවා කියන එකේ සිංහල තේරුම තමා යාලුවනේ සීමා කරනවා,කොටු කරනවා කියන අර්ථය
තේරුනේ නැත්නම් මෙන්න මෙහෙම උදාහරණයකින් බලමු-
ඔයා හැමදාම කම්පියුටර් එක ගාවට ඇවිත් ගේම් ෆෙස්බුක් ආදියේ යෙදෙනවා  ඉතින් ඔන්න විභාගෙත් කිට්ටු වෙනවා එතකොට තාත්තා ඇවිත් ඔයාට බැනලා මේ කම්පියුටර් එක ගාවින් ඔයා ඉවත් කරනවා යම් කාල සීමාවකට පමණක් දීලා. අන්න එහෙම පේ පැල් ගිණුමේ කරන්න පුලුවන් දේවල් යම්  විදිහට අයින් කිරීම ලිමිට් කිරීම ලෙස හදුන්වනු ලබයි.

                    

ඇයි මෙහෙම පේ පැල් එකවුන්ට් ලිමිට් කරන්න හේතු?

1.එක්කෂණික ඔබේ ගිණුමට මුදල් ගලාගෙන ඒම.
2.ජංගම දුරකථනයෙන් පේ පැල් ලොග් වීම.
3.පරිගණක 2-3 පේ පැල් ලොග් වීම.
4.අයි පී ඇඩ්රස් හයිඩ් කරලා පේ පැල් ලොග් වීම.
5.ඩයිනමික් ඇඩ්රස් එකකින් ලොග් වීම.
6.වැරදි තොරතුරු පේ පැල් ගිණුමට ලබාදීම.
7.අනාරක්ෂිතව පේ පැල් ගිණුම පාවිච්චි කිරීම.
8.එක විට ලොකු මුදල් විත්ඩ්‍රොවල්(ලබා ගැනීම්) කිරීම.   

ඉහත කරුණු අපි වලක්වා ගන්නේ කේසේද කියලා බලමු?

1.මුදල් ගලාගෙන එනවා නම් ඔයාලා හදන්න ප්‍රිමියර් එකක් නෙවේ බිස්නස් එකක්.
2. 2,3,4,6,7 කරුණු නම් අපි හිතාමතා කරන කරුණු නිසා ඒක අපිටම වලක්වා ගන්න පුලුවන්.  


ලංකාවේ තියන ඩයිනමික්(ගතික)  අයි පී ඇඩ්රස් නිසා සැමවිටම  අයි පී  වෙනස් වේ. ඒ නිසා පේ පැල් ලිමිට් වීමේ ඉඩකඩ වැඩි , ඔය 5 වෙනි කරුණ ගැන අලුත් තොරතුරු පොඩ්ඩක් සාකච්ජා කරමු.
අපි දන්නවා අයි පී ඇඩ්රස් වර්ග 2ක් තියනවා.
එකක්.

1.ඩයිනමික් (ගතික/ වෙනස්වන සුලු)
2.ස්ටැටික්(ස්ථිතික /නොවෙනස්)

අපේ තියන සියලුම අන්තර්ජාල සම්බන්ධතා මේ ඩයිනමික් නිසා ඒවාය.
ඒ නිසා අපි ඒක ස්ටැටික් විදිහට හදාගන්න ඕනි අතර ඒ අතර අපේ කම්පියුටරේ එයාලා අපේ ආරකෂාවට කියා හොරෙන් හංගන ෆ්ලෑෂ් කුකීස් හා අයිස්ඕ ෆයිල් අයින් කරගන්නත් ඕනි.
ඒකට හොදම විසදුම තමා බෙටර් ප්‍රයිවසි නම් ඇඩෝන් එක ෆයර්ෆොක්ස් වලට දමා ඒ මගින් පාවිච්චි කිරීම. ඒ වගේම සී ක්ලීනර් වැනි මෘදුකාංග මගින් නිතර පරිගණයේ බ්‍රවුසර් කැච් ෆයිල් ක්ලියර් කිරීම.  


මේ ලින්ක් එක ක්ලික් කරලා ගිහින් බෙටර්ප්‍රයිවසි දාගන්න ඒක දාගන්න තේරෙන්නේ නැත්නම්
ඊබේ නොකර ඉන්න .

දැන් යතුරු පුවරුවෙන් ctrl+shift+A ක්ලික් කරලා ඒකේ Extension ගිහින් බෙටර් ප්‍රයිවසි ක්ලික් කරලා එක් ඇතුල් වෙලා රූප සටහන් අනුව කරන්න.    


අයි එස් ඕ ෆයිල් අයින් කරලා දාන්න.


බලන්න ෆ්ලෑෂ් කුකීස් ටික ඊලගට


දෙවනුඔව ක්ලික් කරලා ෆයර්ෆෝක්ස් අයින් කරලා ආපහු යන්න එතකොට වැඩේ හරි.
ෆ්ලෑෂ් කුකීස් ස්වයංක්‍රියව මැකෙන අතර අයිඑස්ඕ ෆයිල් අපි මැකිය යුතුය.

8.කරුණ- එකපාර මුදල් ගොඩක් ගෙන්වා ගැනීම් කරන්න එපා මුලින් ඩොලර් පොඩි ගනන් 20,30 කොටස් ලබාගැනීම් කරන්න පස්සේ ටික ටික ලොකු ගනන් කරන්න එත් බොහො විට ඩොලර් 100 වැඩි ඒවා කරන්න යන්න එපා.

මතක ඇතුව ඊබේ ගෙව්වත් බෙටර්ප්‍රයිවසි පාවිච්චි කරන්න, ඒවගේ 

ඔයාගේ පේ පැල් එකවුන්ට් 2ක් තියනවනම් වෙන රටක් විදිහට හදපු එකට බෙටර්ප්‍රයිවස් දාල පාවිච්චි කරන්න -අනිකට ලොග් වෙන්න අවශය නම් ක්රෝම් වැනි වෙන බ්‍රවුසර් එකක් යූස් කරන්න යාලුවනේ.එකම බ්‍රවුසර් පාවිච්චි කරන්න එපා

මෙන්න මේ කරුණු අපි හොදට හිතාගෙන කලොත් මේ පේ පැල් ගිණුම ලිමිට් වීම නවත්වාගන්න පුලුවන් වෙයි.

තවත් දෙයක් ඊබේ ගෙවන්න වෙරිෆයි නොකරපු පේ පැල් එකකින් උනත් ගෙවන්න පුලුවන්, නමුත් වෙරිෆයි නොකරපු ගිණුමක් ලිමිට් උනොත් ගොඩ ගන්නම බෑ ඒ නිසා කරුණාකර පේ පැල් ගිණුම ලිමිට් නොකරගන්න ගිණුම වෙරිෆයි(සත්‍යාපනය) කරන්න.

එහෙනම් මම හිතුවා මේක කොටස් 2 කට ලියන්න.
2 වෙනි කොටස ලගදීම දෙන්නම්

පේ පැල් ගිණුම ලිමිට් උනු පසු කොහොමද  ඒක අයින් කරන්නේ කියලා දන්නවද?

එහෙනම් ඒක ගැන පසුව විමසමු.
එහෙනම් මම ගියා.

උදිත චතුරංග. (0716-505000)


                                                       

8 comments:

  1. එල මචන්. ඉතුරු කොටසත් දාපන්. ඒක තමා වැදගත්ම එක

    ReplyDelete
  2. siraa eee.... ela'.. ela... ohoma yan....
    JAYA WEWAAA...

    ReplyDelete
  3. ගොඩක් වැදගත් අවන්කවම//// මෙිවගේ උදවු කරන එකෙක් නැහැ බන් මෙි ලංකාවෙ///ජය/

    ReplyDelete
  4. සනත් -අනිවා හෙට අනිද්දම මේ පිලිබද විස්තර දෙනවා.

    ඉසුරුමුණි-ස්තුතියි දිරිමත් කිරීමට

    ReplyDelete
  5. Niyama Post eka machan,digatama hoda post liyanna,mama oyage site 1ka balanawa,oyage ebayporawal group eketh innawa,niyamai ohoma digatama karagena yanna, Jayawewa!!!

    ReplyDelete
  6. ලිපිය හොඳයි... මම නම් අදද කොහෙදෝ මුලින්ම ‍මේ පැත්තට ආවේ... ආයෙමත් එන්නම්කෝ...

    ReplyDelete
  7. greatt
    - yasith de silva

    ReplyDelete