Saturday, September 1, 2012

ඊබේ සහ ආනායන අපනයන නීති..

          
               ....තෙරුවන් සරණයි....

                                           


මුලින්ම කියන්නේ, සියලු දෙනාට, ඊබේ ගැන දන්නැති නම් මුල් පෝස්ට් එකේ ඉඳන් හොඳින් කියවන්න..එතකොට පැහැදිලිව පෙනෙයි....යන්න ඕනි නිවැරදි මාර්ගය..

 ගොඩක් අය ඊබේ සෙලින් වලට බැහැලා ඇති .... ඒත් ඊබේ සෙලින් කියන්නේ අමාරු දෙයක් .........
මොකද නීති තදයි ......ඊබේ එකවුන්ට් සස්පෙන්ජ් උනොත් සොරි ඩොට් කොම් තමයි
 
පේ පැල් එකක් ලිමිට් උනොත් ඒක ගොඩගන්න පුලුවන් ඒත් ඊබේ ගිණුමක් නම් ටිකක් අමාරුයි....

සාමාණයයෙන් ලංකාවට භාණ්ඩ ආනායන කරන ක්‍රම 3ක් තියනවා.......

1.
නැව් ගත මාර්ග තුලින් ........
2.
ගුවන් මාර්ගයෙන්.............
3.පාර්සල් මගින්...............

මේ වා පරීක්ෂා කරන්න පිළිවෙලින්

වරාය රේගුව
ගුවන් තොටුපල රේගුව
හා තැපැල් රේගුව යන කොඨ්ඨාශ 3ක් ඇත.....



 



1. රේගුවක් ඇති වීමට හේතුව  හා ඒක මගින් ඉටුකරන කාර්යයන්.


1.ආනායන අධෛර්මත් කර අපනයන දිරිමත් කර විදේශ විනිමය රට තුලට ගෙන ඒමට...

2.
නීති විරෝධි භාණ්ඩ රටට ගෙන ඒම වැලැක්වීමට...

3. 
ගේන භාණ්ඩ වලින් බදු ප්‍රමාණයක් අය කර රජයේ ආදායම් වැඩි කර ගැනීමට....

4.
තම රට තුල නිෂ්පාදනය කර ගත හැකි ...හා ප්‍රවර්ධනය කරගත හැකි භාණ්ඩ සදහා ඉහළ බදු පැනවීමෙන් දේශිය නිෂ්පාදකයා ආරක්ෂා කිරීම...


ඔන්න ඔය වගේ කරුණු මත තමා රේගුවක් ඇති වන්නේ....






2. ආනායන කළ හැකි ක්‍රම.


1.සීමාවත් රහිතව නිශ්චිත රේගු බද්ද ගෙවා ආනායනය කළ හැක....
2.නියමිත පටිපාටියකට අනුව ක්‍රමානුකූලව ආනායනය කර ගත හැක... 


1.සීමාවත් රහිතව නිශ්චිත රේගු බද්ද ගෙවා ආනායනය කළ හැක.... 
===============================

සාමාණ්‍යෙයන් අපි දන්නවා .... ලැප්ටොප් පරිඝණක මේවා ලංකාවට ගෙන්වීමට අවශය තරම් ඉඩකඩ තිබෙන බව.....නමුත් විශාල ප්‍රමාණයක් ගේනවා නම් ව්‍යාපාර් ලියාපදිංචි ලිපියක් අවශතාවයක් තිබෙනවා

මන්ද ඒවා විකුනලා ලබාගන්න අදායම් මත හිමිවෙන ආදායම් බදු ----රජයට අහිමි වන නිසා.......

මේවාට කිසිම ප්‍රශ්නයක් නැ --- ඕනි තරම් ආනායන කිරීමට හැකියාවක් තිබෙනවා ...සීමා බාධක නැ...

භාණ්ඩ විශාලා ප්‍රමාණයකට මේ ක්‍රමය අයිතියි..... 

උදා-- ඩිජිටල් කැමරා , පර්ස් වර්ග ,සපත්තු....




2.නියමිත පටිපාටියකට අනුව ක්‍රමානුකූලව ආනායනය කර ගත හැක.
===============================   

ජංගම දුරකථන වලට තියන දේ ඔයාලා දන්නවනේ නේද අන්න මේ වගේ යම් භාණ්ඩ වලට ගෙනාවට පස්සේ අවසර ගන්න ඕනි මේවා ලංකාවේ පාවිච්චි කරන්න සුදුසුද නැද්ද කියලා........

අ) 1. ජංගම දුරකථන(ජිපිඑස් .වයිෆයි රවුටර්.එච්එස්ඩිපි ඒ මොඩම්.ආර් සි සෙල්ලම් භාණ්ඩ)
2.සත්ව ආහාර
3.කෘමි නාශක
4.ඛණ්ජ තෙල්  
5.රසායනික ද්‍රව්‍ය
6. වාහන
7.ඖෂධ
8.සමහර සුවඳ විලවුන් සබන් වර්ග

මෙන්න මේ වගේ යම් කිසි භාණ්ඩ සදහා ලංකාව සුදුසුද පාවිච්චියට යන්න කියලා අවසර පත්‍රයක් ලබාගන්න ඕනි...

උදා-- ජංගම දුරකථන සදහා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට යන්න ඕනි ...ඒකෙන් අවරයක් ගන්න ඕනි...

ආ) විශේෂ අවසරයක් සහිතව ආනායන කරන භාණ්ඩ

1.
අවි ආයුධ 

මෙන්න මේ වගේ අවසරයක් සහිතව ආනයනය කරන්න අවශයයි ..

ඉතින් සමහර අය ඕවා දන්නේ නැ නේ.... හැම එකම ගේන්න හදනවා ... ගේන කොට හොදට හොයලා බලලා ගේන්න ඕනි කියලා තියනවනේ නේද...........

ඒ වගේම මෙන්න මේ භාණ්ඩ ගේන්න අවසර ගැනීම විවිධ ක්‍රම තියනවා....


                                            


උදා- 1.)ඖෂධයක් ගෙනාවොත් -- සෞඛ්‍ය අමාත්‍යංශයේ පරික්ෂා කර ඒක ලංකාවේ භාවිතාකරන්න සුදුසුද...මේකේ මිනිසාට අහිතකර විෂ වර්ග අඩංගු වෙලා තියනවද කියලා සොයලා බලන්න ඕනි....

එහෙම පරිකෂාකරලා අවසරය දුන්නට පස්සේ තමා --ආනායන අපනයන දෙපාර්තමේන්තුවේ .. අවසරගත ලයිසන් එකක් සමග අදාල රේගු බදු ගෙවන්න ඕනි.....

වාහනයක් ගෙනාවොත්  2.) අපි දන්නවනේ මුලින්ම ණයවර ලිපියක් යවනවා(letter of credit) නැත්නම් එල් සී එකක් කියනවා ..පස්සේ වාහනය අඩි 1400 කන්ටේනරයක හෝ රෝරෝ එකක් දාලා ලංකාවට ගෙනාවට පස්සේ ... අදාල රේගු බද්ද ගෙවලා අනායන අපනයන දෙපාර්තමේන්තුවේ ලයිසන් එක අරන් ක්ලියර් කරන්න ඕනි ... ඒක යන්නේ වෙනම කොඨ්ඨාශයක් යටතේ යි...
මම මේ දවස්වල හොයපු දේ තමා 80% දැනුම සම්පුර්ණයි... ඉතිරි20% ගත්තට පස්සේ වාහනයක අතගහනවා...




ඉතින් ආනායන කරනවනම් විශේෂයන් මේ වගේ දේවල්ද ඒවට අයිති රේගු බද්ද --පිළිබදව සැලකිල්ලට ගැනීම වැදගත්--

උදා වශයෙන් -- 1.ඩිජිටල් කැමරා.,ජංගම දුරකථන -සදහා බද්ද 5%
ජාතින ගොඩනැගීමේ බද්ද 2.3%

ඔක්කොම 7.3%යි



2.ඩිජිටල් කැමරාවක කවර් එකක් සඳහා

බද්ද 15%
5%
2.3%

ඔක්කොම 22.3% වදිනවා ...මන්ද මෙය නිමි භාණ්ඩයක් නොවන නිසා --- නමුත් ෆෝන් චාජර් එකක අයවෙන්න මුලින්ම දැක්වු  බදු ප්‍රතිශතයයි.....


ඉතින් ආනායන කොටස මෙතනින් අවසන් කරමු.......


අපනයන කොටස අධ්‍යනය කරමු.... 
-------------------------------------------

ලංකාවේ ඉඳන් මොකක් හරි භාණ්ඩයක් යවන්න ඕනි නම් අනිවාර්යයෙන් ආනායන අපනයන පාලක දෙපාර්තමේන්තුවෙන් අවසරයක් අවශය වෙනවා .......

ඉතින් අපි යවන ඒවා යවන්නේ -- යාලුවොන්ට නැදැයන්ට කියලනේ ඒ නිසා අවුලක් නැ...

හැබැයි ....මෙන්න මේ දේ අනිවාර්යයෙන් දැනගන්න ... ලංකාවේ තිබෙන ඒක දේශික ඓතිහාසික වටිනාකමක් තියෙන දේවල් යැවීම සම්පුර්ණයෙන්ම තහනම්....

උදා-- කිසිම ඒක දේශික ඖෂධ  ශාඛ ආශ්‍රෙයන් නිපදවන තෙල් වර්ග යැවීම සම්පුර්ණයෙන් තහනම්...

ඉතින් ඒවගේ පුරාවස්තු වැනි දේ යැවීම සපුරා තහනම් ................

මොකක් හරි යවනවනම් ඒ ගැන හොඳ අවධානයක් සිටීම් වැදගත්...

ගොඩක් අය ඩ්‍රොප් ෂිප් කරනවනේ ඒක හොදයි ---

ඒත ලාභ දායි වගේම විශ්වාස -- ඩිරෙක්ට් සෙලින් තමා .......


                                         
                                                 


ඊබේ සෙල් කිරීමේදි අයවිය යුතු මුදල්

=======================

සාමාන්‍යෙයන් ඊබේ වෙන්දේසියක් දැම්මොත් 9%ක් අය කරනවා .... තව පේ පැල් 5%ක් අය කරනවා....

 
ඉතින් 14%ක් 15%ක් වගේ මුදලක්, අපි ලැබෙන මුදලින් අයවෙනවා ...ඒ නිසා ... අපි මොකක් හරි ලිස්ට් කරනවනම් ඒ ගැනත් අවධානය යොමු කරන එක වැදගත්.......

ඒ වගේම බබල් පැකට් එකට රු 25 වගේ ගානක් යනවනේ සියලු වියදම් එකක් ඊබේ සෙල් කරනකොට ලාභයක් ලැබෙන්නේ පොඩිවට ඒක ඇත්ත ලාභය ගොඩක් ගන්න නම් ... පොඩි එකෙන් පටන් ගන්න ඕනි .....


ඉතින් ඊබේ ගැන මුලික කරුණ මේ ගැනත් ලියවෙන්න ඕනි කියලා හිතුවා ..මොකද මේ ගැන දන්නේ නැතුව කට්ටිය ඕවා ගෙනල්ලා චාටර් වෙන නිසා..

මාස 5කින් විතර හම්බවුනේ බලමු ඉදිරියට ...මොනවද ගේන්න පුලුවන් අලුත් තොරතුරු කියලා..

උදිත චතුරංග...

0716 505000 --
ජංගම දුරකථනය ගත්තට කමක් නැත....රාත්‍රි 6 ඉදන් 11 වෙනකන් හොදයි නැත්නම් උදේ 6 ඉදන් 10 වෙනක් වෙලාවක් හොදයි අනිත් වෙලාවට .. කාර්යබහුල විය හැක.. එස් එම් එස් සඳහා නම් පිළිතුරු දෙන්නේ නැත.....

සියලු දෙනාට ජයෙන් ජය පතමි...........................!!!!!!


                                              
                                                                                                                                                                                                                                                                              

3 comments:

  1. godak aya nodanna dayak niyama post eka good luck ...

    ReplyDelete
  2. hoda post ekak. ebay gana mata danaganna oni thawa dewal thiyanawa... ebay selling limit wadi karaganne kohomada?

    ReplyDelete