Saturday, September 1, 2012

ඊබේ සහ ප්‍රතිපෝෂක.....



සියලු දෙනාට තෙරුවන් සරණයි!



දැන් ඉතින් ඔයාලා ඊබේ එකෙන් භාණ්ඩයක් එහෙම අරන් එනකන් මග බලාගෙන ඇති නේද. අනිවා එනවා බයවෙන්න එපා - දැන් අපිට තියෙන්නේ මේ ඊබේ ගැන    පශ්චාත් කරුණු ගැන  තොරතුරු දැනගැනීමට

ඒ කිව්වේ භාණ්ඩයක් ආවට පස්සේ අපිට ඇතිවන ගැටලු මොනවද කියන එක ගැන කතා කරමු, මුලින්ම  අපි කතාකරන්න ඕනි මොකක්ද දන්නවද ඒ භාණ්ඩය අපිට ලැබුණු පසු ඒ භාණ්ඩයේ අඩුපාඩු හොද නරක ගැන තොරතුරු අපි සෙලර්ට ලබා දෙන්නේ කොහොමද කියන එක ගැන ?
අන්න ඒකට තමයි ප්‍රතිපෝෂක (FEEDBACK) කියන්නේ  අන්න ඒ ප්‍රතිපෝෂක අපිට වැදගත් වන ආකාරයට ඒ ගැන සියලුම කරුණු මේ මගින් ඉගැනගැනීමට අපි අවධානය යොමු කරමු.   





ඊබේ සහ ප්‍රතිපෝෂක.(FEEDBACKS).


ප්‍රතිපෝෂක කියන එකේ නියම සිංහල අර්ථය නම් යම් කිසි සිදුවීමක් වර්ධනය කර ලබා දීමයි .එය ධනාත්මක ආකාරයට සෘණාත්මක ආකාරයට විය හැකිය.

උදා-උසස් පෙළ භෞතික විද්‍යාව විෂයේ තියනවා ඉලෙක්ට්‍රොනික් පාඩමට කාරකාත්මක වර්ධකයක නියම ගුණාත්මය වර්ධනයට සෙනර් ඩයෝඩ් එකක් දාලා ධනාත්මක වර්ධනයක් දීම වගේ . දෙයක් තමා මෙතනත් වෙන්නේ.  

අපි ගන්න භාන්ඩයෙ ගැන අපේ හිතේ තියෙන්නේ මොන අදහසක්ද --
ඒක ගැන අපේ උපයෝගීතාවය ධනාත්මක එකක්නම් එය  ඊබේ වල
පොසිටිව් ෆීඩ්බැක් එකක් ලෙසද,

ඒ භාණ්ඩය සාමාණය තත්වයේ එකක් නම්
 නෝමල් ෆීඩ්බැක් ලෙසද,

ඒ භාණ්ඩයේ මොකක් හරි කොස්සක් තියනවනම්
නෙගටිව් ෆීඩ්බැක් ලෙසද        

                         



ඊබේ හි කොටස් 3කට වෙන් කර ඇත. ඉතින් අපිට කරන්න තියෙන්නේ
සමරි ගිහින් අදාල භාණ්ඩය තෝරාගෙන ක්ලික් කරන්න

Leave Feed Back ගිහින් ඔයාලට කැමති විදිහට ඔයාගේ අදහස එක්කර
ප්‍රතිපෝෂකය ලබා දෙන්න.
ඒ දෙන ප්‍රතිපෝෂකය ධනාත්මක නම් ඔබගෙන් තරු 5කින් කොහොමද ලබාදෙන්නේ කියලා අහයි. ඒක ඔබගේ කැමැත්ත මත තීරණය කරන්න.   



එය වඩාත් ධනාත්මක වනවා නම් ගොඩක් උචිතයි.....





ප්‍රතිපෝෂක ඇයි අපිට වැදගත් වෙන්නේ?

1.තමා යාලුවනේ අපි යම් භාණ්ඩයක් අරන් ඊබේ ගැන අත්දැකීම් තක්සේරු කරන්නේ මේ ප්‍රතිපෝෂක වලින්ය.

2.ෆිඩ්බැක් වැඩිවන තරමට අපිට යම් යම් භාණ්ඩ ලබාගැනීමට ඇති හැකියාව වැඩීවීම.

3.වෙන රටකට ෂිපින් දෙන භාණ්ඩයක් ගැනීමට ඇති හැකියාව.

4.ඊබේ හි නඩුවක් ගොනු කර ආපහු මුදල් ලබා ගැනීමේදි විශ්වාසය ඇති වීම.
මෙන්න මේ වගේ කරුණු නිසා ප්‍රතිපෝෂක අපිට වැදගත් වගේම අත්‍යාවශ්‍ය වේ.

5.සමහර භාණ්ඩ වලට ලංසු(බිඩ්) කිරීමට ඇති හැකියාව.

ඒ වගේම අපේ ගිණුමේ ප්‍රතිපෝෂක ලැබුන පසු දැක්වෙන්නේ මේ ආකරයටය..



ඔබට ලැබී ඇති සියලු ප්‍රතිපෝෂක සංඛ්‍යාව දැනගැනීමට...
සමරි වලට ගොස් ප්‍රතිපෝෂක පෙන්වන තැන මත ක්ලික් කරන්න එවිට..
පහත රූපයෙන් ලැබුනු ප්‍රමාණය දිස්වේ....




ඒ වගේම ඉහත රූපයේ පෙන්වන පරිදි මුලු ප්‍රතිපෝෂක ප්‍රමාණය 216 වන අතර තරු සලකුණෙන් ඇත්තේ 174ක් වශයෙන්ය..

ඊට හේතුව වන්නේ එකම සෙලර් කෙනෙකුගෙන් එක දවසේ ප්‍රතිපෝෂක 2ක් ලැබුනොත් ප්‍රතිපෝෂක වැඩි වෙනවා මිසක් ...

තරුවෙන් වැඩීවීමක් වන්නේ නැත..


ඊබේ මගින් ප්‍රතිපෝෂක වර්ගීකරණය කරන්නේ


මුලින්ම අපි දැනගන්න ඕනි අපි ඊබේට අලුත් වුනාම අපිට ප්‍රතිපෝෂක 10ක් ලැබෙන තුරු අපිට කිසිම වර්ගීකරණයක් ලැබෙන්නේ නැත.
ඒ වගේම යාලුවනේ අපි ඊබේට අලුතෙන් මාසයක් යනතුරු අපේ ඊබේ ගිණුමේ භාවිතනම(යූසර්නේම්) එක ලග පොඩි කහපාට සලකුණක් තියනවා දැකලා ඇති.
දැන් මේ ඊබේ වල මේ ප්‍රතිපෝෂක වර්ගීකරණය කරන්නේ තරු සලකුණක් මගිනි.


                                                                            
1.ඔබට ප්‍රතිපෝෂක 0 සිට 10 දක්වා කිසිදු තරු ලකුණක් හිමි වන්නේ නැත.

2.ඔබට ප්‍රතිපෝෂක 10සිට 49 දක්වා කහපාට තරු ලකුණක් හිමිවනවා.

3.ඔබට ප්‍රතිපෝෂක 50සිට 99 දක්වා නිල්පාට තරු ලකුණක් හිමිවනවා.

4.ඔබට ප්‍රතිපෝෂක 100සිට499 දක්වා ලාකොළ තරු ලකුණක් හිමිවනවා.
වැඩි විස්තර ඔන්න ඔය ලින්කුවෙන් බලාගන්න පුලුවන්

ඊබේ ප්‍රතිපෝෂක ගැන සියලු තොරතුරු.    

දැන් කට්ටියට වැටහෙනවා ඇති මේ ප්‍රතිපෝෂකයේ ඇති වැදගත් කම නේද.
ඒ වගේම භාණ්ඩයක් අපි ගත්තට පසුව භාණ්ඩයේ ගුණාත්මක භාවය පිළිබද තොරතුරු ඊබේ හට පොඩි රිවිව් එකකින් යවන්නත් පුලුවන්.
බලන්න ඔයාලා ඒකට උත්සහ කරලා...

එහෙනම් අදට ඇති ..
අපි ගියා..

උදිත චතුරංග...
0716-505000    



                                                                                                                                                                                    

3 comments:

  1. එළකිරි උදිත,ඔක්කොටම තේරෙන සිංහලෙන් තියනවා.ජයවේවා! දිගටම කරගෙන යන්න..

    ReplyDelete
  2. සුපිරි මාත් ඊබේ එකෙන් ලාවට බඩු ගෙනවා... එත් මෙලො මගුලක් දන්නේ නැ... වැඩේ නියමයි.. මෙ බ්ලොග මම සතියකට අඩුම ගානේ 1 පාරක් වත් ලොග් වෙන බ්ලොගක් වෙයි... ජය..

    ReplyDelete