සියලු දෙනාට තෙරුවන් සරණයි!
දැන් ඉතින් ඔයාලා ඊබේ එකෙන් භාණ්ඩයක් එහෙම අරන් එනකන් මග බලාගෙන ඇති නේද. අනිවා එනවා බයවෙන්න එපා - දැන් අපිට තියෙන්නේ මේ ඊබේ ගැන පශ්චාත් කරුණු ගැන තොරතුරු දැනගැනීමට
ඒ කිව්වේ භාණ්ඩයක් ආවට පස්සේ අපිට ඇතිවන ගැටලු මොනවද කියන එක ගැන කතා කරමු, මුලින්ම අපි කතාකරන්න ඕනි මොකක්ද දන්නවද ඒ භාණ්ඩය අපිට ලැබුණු පසු ඒ භාණ්ඩයේ අඩුපාඩු හොද නරක ගැන තොරතුරු අපි සෙලර්ට ලබා දෙන්නේ කොහොමද කියන එක ගැන ?
අන්න ඒකට තමයි ප්රතිපෝෂක (FEEDBACK) කියන්නේ අන්න ඒ ප්රතිපෝෂක අපිට වැදගත් වන ආකාරයට ඒ ගැන සියලුම කරුණු මේ මගින් ඉගැනගැනීමට අපි අවධානය යොමු කරමු.





















